ඕමාන විදේශ ඇමති ශ්‍රී ලංකා තානපති කැදවයි



ඕමානය හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශවික තානාපති සබදතා වර්ධනය කර  ගැනීම වෙනුවෙන් හැමවිටම සහාය දක්වන බව  ඕමාන් සුල්තාන් රාජ්‍යයේ විදේශ කටයුතු පිළිබඳ වගකිවයුතු අමාත්‍ය යූසුෆ් බින් අලවි බින් අබ්දුල්ලා එරට ශ්‍රී ලංකාවේ තානාපති අමීර් අජ්වාඩ් මහතා  හමුවේ කියා සිටියේය.

මස්කට් නුවර පිහිටි ඕමාන් සුල්තාන් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී මෙම හමුව පැවැත්විණි.

ශ්‍රී ලංකා තානාපතිවරයා පිළිගත් ඕමාන් සුල්තාන් රාජ්‍යයේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ශ්‍රී ලංකාව සහ ඕමාන් සුල්තාන් රාජ්‍යය අතර ඓතිහාසික සම්බන්ධතා සිහිපත් කළ අතර දෙරට අතර ජනතාව අතර ඇති ශක්තිමත් සබඳතාවලට ප්‍රශංසා කළේය.

ඕමානයේ විදේශ කටයුතු පිළිබඳ වගකිවයුතු අමාත්‍යවරයා ඕමානයේ ශ්‍රී ලාංකික ප්‍රජාව සාමකාමී ප්‍රජාවක් ලෙස පැසසුමට ලක් කළ අතර ඕමානයේ සුල්තාන් රාජ්‍යයේ සංවර්ධනයට ඔවුන් දැක්වූ දායකත්වයට ස්තූතියද මෙහිදී පුද කළේය.

එසේම ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සුභාශිංසන පණිවිඩය ඕමාන් විදේශ අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමටද ශ්‍රී ලංකා තානාපතිවරයා කටයුතු කළේය

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශ දෙක සහ ඕමානයේ සුල්තාන් රාජ්‍යය අතර ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන පිළිබඳ වැදගත් සංදේශයකට 2012 දී අත්සන් කිරීමෙන් අනතුරුව ලබා ඇති ප්‍රගතිය ද තානාපති අජ්වාඩ් මහතා සදහන් කළේය.

තානාපති අමීර් අජ්වාඩ් 2014 සහ 2018 දී පිළිවෙලින් මස්කට් සහ කොළඹ පැවති දේශපාලන උපදේශන වට දෙකේ දී දෙරට අතර සහයෝගිතාවය සඳහා හඳුනාගෙන ඇති අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ලබා ගත හැකි ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව විස්තර කළේය. උපදේශනයේ තුන්වන වටය මේ වසරේ මස්කට්හිදී පැවැත්වේ.

ඕමානයේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ශ්‍රී ලංකාව සහ ඕමානය අතර අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන සෑම අංශයකම ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම සඳහා සිය සහයෝගය පළ කළ අතර ඕමාන් සුල්තාන් රාජ්‍යයේ සාර්ථක ධුර කාලයක් සඳහා තානාපති අමීර් අජ්වාඩ්ට ප්‍රාර්ථනා කළේය.

මෙම හමුවට ඕමානයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද , ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් දිලිනි අබේසේකර මහත්මිය සහභාගී වූවාය.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS