එමිරේට්ස් බිලියනපතියන් පස්දෙනා



වාර්ෂිකව සිදුකරන ලද සමීක්ෂණයකට අනුව 2017 වර්ෂයේදී එමිරේට්ස් ව්‍යාපාරික ධන කුවේරයන් පස්දෙනෙකු ෆෝබ්ස් 2017 බිලියනපති ලැයිස්තුවට ඇතුලත්වී ඇති බව අල්-බයාන් පුවත් සේවය වාර්තා කලේය.


බිලියනපතියන් සහ ඔවුන්ගේ වත්කම් වන්නේ: 


මජීඩ් අල් ෆුටයිම්    -      ($බිලියන 10.6), 
අබ්දුල්ලා අල් ගුරේර්    -     ($ බිලියන 6.8), 
අබ්දුල්ලා අල් ෆුටායිම්    -     ($ බිලියන 4.1), 
හුසේන් සජ්වානි     -        ($ බිලියන 3.7), 
සෙයිෆ් අල් ගුරේර්     -      ($ බිලියන 2.1) 


මෙවුන් ලෝකයේ සිටින ඉහලම බිලියනපතියන් 1,000 දෙනා අතර ඇත. 

පිටපිට සිව්වන වරටත් ලොව ධනවත්ම පුද්ගලයා බවට මයික්‍රෝසොෆ්ට් සමාගමේ අයිතිකරු වන බිල්ගේට්ස් පත්වී ඇති අතර ඔහුගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 86ක් වේ.  

පසුගිය වසරේදි (2016 ) ඇමරිකානු ඩොලර් බිලියන 75ක වත්කමක් තිබී ඇත.

බිල්ගේට්ට පිටු පසින් සිටින්නේ වොරන්ට් බෆට් වන අතර ඔහුගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 75ක් වේ. මෙම වර්ෂයේදී (2017) වොරන්ට් බෆට්ගේ වත්කම පෙර තිබූ වත්කමට වඩා ඇමරිකානු ඩොලර් බිලියන 14.8ක වාර්තාගත වැඩීමක්වී ඇති බව එම වෙබ් අඩවිය වැඩිදුරටත් සදහන් කර ඇත. 

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙන්)


RECOMMEND POSTS