උණුසුම් පිළිගැනීමක්



ඕස්ටේ‍්‍රලියාවේ නිල සංචාරයකට පැමිණ සිටින හැරී කුමරු සහ මේගන් මාකෙල් හෙවත් සසෙක්ස් ආදිපාදවරිය  ඕස්ටේ‍්‍රලියාවට පැමිණියේ පැමිණියේ පසුගිය 14 වැනිදාය.

ඔවුන්ට  ඕස්ටේ‍්‍රලියා රජයෙන් පමණක් නොව එරට වැසියන්ගෙන් ද ලැබෙන්නේ උණුසුම් පිළිගැනීමකි. තමන් ගැබිනියක යැයි මේගන් නිල වශයෙන් ප‍්‍රසිද්ධියට පත් කළේ මෙම සංචාරය අතරතුරේය.

මහ රැජින නියෝජනය කරන  ඕස්ටේ‍්‍රලියා ආණ්ඩුකාර ශ්‍රීමත් පීටර් කොස්ග්‍රෝව් සිඞ්නි නුවර සිය නිල නිවසේදී හැරී සහ මේගන් යුවල වෙනුවෙන් පිළිගැනීමේ උත්සවයක් පැවැත්වීය.

නව යුවලගේ සිඟිත්තා වෙනුවෙන් තෑගි බෝග ලබා දීමට  ද ආණ්ඩුකාරවරයා සහ බිරිඳ ලින් කොස්ග්‍රෝව් කටයුතු කළහ. එසේ ලබා දුන් තෑගි අතර පුංචි සපත්තු දෙකක් සහ  ඕස්ටේ‍්‍රලියා සංචාරය සිහිපත් කිරීම සඳහා සෙල්ලම් කැංගරුවකු ද සිටී.
හැරී කුමරු සහ මේගන් මාකෙල් ටර්ගොනා සත්වෝද්‍යානය නැරැඹීමට ගියහ. එහිදී  ඕස්ටේ‍්‍රලියාවට පමණක් ආවේණික ක්වාලා වළසකු සහ එකිඞ්නාවකු සුරතල් කිරීමට ද හැරී සහ මේගන් අමතක නොකළහ.

මේගන් ගැබිනියක බව නිල වශයෙන් නිවේදනය කිරීමත් සමඟ බි‍්‍රතාන්‍යයේ දෙවැනි එලිසබත් මහ රැජින අතිශය පී‍්‍රතියට පත් වුණු බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

රජ පවුලට එක් වීමට නියමිත මෙම නව සාමාජිකයා රජ කුමාරයකු හෝ කුමාරියකු ලෙස හඳුන්වා දෙනු ලබන්නේ නැති බවත්, ආදිපාදවරයකු හෝ ආදිපාදවරියකු ලෙස පමණක් ගරු නාමයෙන් හඳුන්වනු ලබනු ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

බි‍්‍රතාන්‍ය ඔටුන්න හිමි පරම්පරාවේ දරු දැරියන්ගේ වැඩිමල් දරුවාට හැර, සෙසු සාමාජිකයන්ට උපදින දරුවන් කුමරකු හෝ කුමාරියක ලෙස නිල වශයෙන් හැඳින්වෙන්නේ නැත. මෙම ක‍්‍රමවේදය සකස් කරනු ලැබ ඇත්තේ පස්වැනි ජෝර්ජ් රජුය.

(ඬේලිමේල් ඇසුරිනි)

 


RECOMMEND POSTS