ඊශ්‍රායලය ගැන වාර්තා ඕනෑ නෑ



ඊශ්‍රායලය සම්බන්ධයෙන් වන වාර්තාවක් ඉදිරිපත් නොකරන්නැයි එල්ල වූ බලපෑමක් නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බටහිර ආසියානු කොමිසමේ ප්‍රධානී රීමා කාලෆ් එම තනතුරින් ඉල්ලා අස් වී තිබේ.

අදාළ වාර්තාව ඊශ්‍රායලය සම්බන්ධයෙන් ඉතා තීරණාත්මක වාර්තාවක් යැයි ද ඊශ්‍රායලය පලස්තීන වැසියන් මත වර්ණභේදවාදී රෙජීමයක් පැනවීමට උත්සහ ගත් බව ට අදාළ වාර්තාවෙන් චෝදනා එල්ල කර ඇතැයි ද පැවසේ.

ලෙබනනය පදනම් කරගෙන ක්‍රියාත්මක වන බටහිර ආසියාව සඳහා වූ ආර්ථික සහ සමාජ කොමිසම විසින් අදාළ වාර්තාව සකසා ඇති අතර එම කොමිසම අරාබි රටවල් 18කින් සමන්විත වේග එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ආයතනයක් මේ ආකාරයෙන් පැහැදිලි ක්‍රියාමාර්ග ගනිමින් රටකට පැහැදිලි චෝදනා එල්ල කළ පළමු අවස්ථාව මෙය යැයි ද වාර්තා වේ.

ඊශ්‍රායලය ඔවුන්ගේ මිත්‍ර රටවල් හා එක්ව මෙම වාර්තාව ඉදිරිපත් නොකරන ලෙසට එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාට බලපෑම් කර තිබෙනවාග ඒ වගේම මේ වාර්තාව සම්බන්ධයෙන් කටයුතු නොකරන ලෙස ද ඔවුන් බලපෑම් කර තිබෙනවා” යැයි බීරූට් නුවරදී මාධ්‍ය හමුවකට එක්වෙමින් රීමා කාලෆ් පවසා තිබේ.

අල් ජසීරා ඇසුරිනි


RECOMMEND POSTS