ඊජිප්තුවේ අවුරුදු



ඊජිප්තුවේ කයිරෝ නුවර වෙසෙන ලාංකික ශ්‍රමිකයින් ගේ සහභාගීත්වයෙන්  සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද උත්සවශ්‍රීයෙන් සැමරූ බව ඊජිප්තුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේ සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර වලට මුල් තැන දෙමින් අවුරුදු සැමරුමක් සහ කයිරෝ වේ අබ්සායා ක්‍රීඩා සාමාජයේ දී තවත් අවුරැදු උත්සවයක් සංවිධානය කර තිබිණි.මෙම අවුරුදු උත්සවයේ මව්බිමෙන් ඈත දස දහස් ගණනින් එහා වෙසෙන ලාංකිකයින්ට අපේකම දැන්වීම අරමුණෙන් පැවැත්වූවකි.

අවුරුදු උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා තානාපති ආර්.යෝගරාජන් මහතා ජාතික ධජය එසැවූ අතර එහිදී රැස්ව සිටි සියල් ජාතීන්ට අයත් ලාංකිකයින් සිංහල සහ දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කෙරිණි. ඉන්පසුව ශ්‍රී ලංකා තානාපතිවරයා විසින් සම්ප්‍රදායික පොල්තල් පහන දල්වා උත්සවය ආරම්භ සිදු කරන ලදී.එහිදී තානාපතිවරයා පැමිණ සිටි අමුත්තන් හමුවේ අවුරැදු සුභාශිංසන එක් කිරීමට අමතක නොකළේය.

සහභාගී වූ ලාංකික ශ්‍රමිකයින් වෙනුවෙන් කඹ ඇදීම ,අවුරුදු කුමරිය තේරීම අවුරුදු ක්‍රීඩා රැසක්ද පැවැත්වීමෙන් පසුව  එහි ජයග්‍රාහක තරගකරුවන් තෝරා තෑගි ප්‍රධානය කිරීමට ඊජිප්තුවේ ශ්‍රී ලංකා තානාපති ආර්.යෝගරාජන් මහතා සහ එම මහත්මිය ඇතුලු සංවිධායක මඩුල්ල පියවර ගෙන තිබිණි


RECOMMEND POSTS