ඇමෙරිකා සෞදි ආයුද ගනුදෙනු



සෞදියේ සංචාරයක යෙදෙන ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ සෞදි රජය අතරේ ඇමෙරිකන් ඩොලර් බිලියන 110 ක ආයුද ගිවිසුමකට අත්සන් තැබුණි.

ඇමෙරිකන් රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් පවසා ඇත්තේ, ඉරානයෙන් එල්ල වන අභියෝගවලට මුහුණ දීම සම්බන්ධයෙන් ඇමෙරිකාව සහ සෞදිය අතර එකඟත්වයක් පවතින බවත් ඒ අනුව මෙම අවි ගනුදෙනුව සිදුවුණු බවත්ය.

ඇමෙරිකාවෙන් ලැබෙන අවි ආයුදවලින් ගල්ෆ් කලාපයේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය ඇති කිරීමට සෞදියට දීර්ඝකාලීන හැකියාවක් ලැබෙනු ඇතැයි ද රාජ්‍ය ලේකම්වරයා පෙන්වා දුන්නේය.

ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් සමඟ රෙක්ස් ටිලර්සන් ද මේ වනවිට සිටින්නේ සෞදියේ රියාද් නුවරය.

(අල් ජසීරා ඇසුරිනි)

 


RECOMMEND POSTS