අයහපත් කාලගුණය වැඩ අඩාල කරයි



සෞදි රාජ්‍යයේ කාසීම් ආණ්ඩුකාර ප්‍රදේශයේ තුල පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් (වැලි සහිත තුණාටු තත්වය) එම ප්‍රදේශයේ ඇති පාසල් සහ උසස් අධ්‍යාපනික ආයතන වසා දැමීමට සෞදි බලධාරීන් තීරණය කර ඇත.

ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පියවරක් වශයෙන් මෙම තීරණය ගත් බව කාසීම් අණ්ඩුකාර ප්‍රදේශයේ අධ්‍යාපන  කාර්යාලයට අයත් නිළ ටිවුටර් සමාජජාල ගිණුම මගින් නිවේදනය කර ඇත.

අල්-කාසීම් විශ්ව විද්‍යාලයද පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් වසා දමන බව නිවේදනය කර ඇත.
 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS