අබුඩාබි සංවිධානයේ දේශපාලන කථිකාව



එතෙර අපි සංවිධානයේ අබුඩාබි කමිටුව විසින් පසුඟිය දා ශ්‍රීලංකාව තුළ නිර්මාණය වී ඇති දේශපාලන අර්බුදය පිළිබඳව එහි සිටින විදෙස් ශ්‍රමිකයින් දැණුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්විණ.

රටේ පවතින දේශපාලන අර්බුදය හේතුකොට ගෙන විදෙස් ශ්‍රමිකයින් විසින් එම සංවිධානය වෙත කෙරෙනු ලැබූ ඉල්ලීම් සැලකිල්ලට ලක් කොට මෙම දේශපාලන කථිකාව පැවත් වූ බව එතෙර අපි සංවිධානයේ ප්‍රකාශකයෙකු පැවසීය.

මෙම දේශපාලන කථිකාව "මව්බිමෙහි වර්තමාන දේශපාලන අර්බුදය හමුවේ හෙට දවස එතෙර අපි කථිකාව" යන තේමා පාඨය යටතේ අබුඩාබි හීදී පැවත්විණ.

ප්‍රධාන දේශකයා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික සහ දකුණු පළාත් සභා මන්ත්‍රී නලීන් හේවගේ මහතා සහභාඟී විය.

මෙහිදී, රටේ වත්මන් තත්වය හමුවේ විදෙස් ශ්‍රමිකයින් අදහස් දැක්වූ අතර ජ්‍යාත්යන්තරය හමුවේ රටට හිමිවී ඇති අපකීර්තිය වහාම නිවැරදි කිරීමට පාලකයින් හට බල කරන මෙන් සහ ඉල්ලා සිටි අතර මේ නිශ්චිත මොහොතේ ජනතා විමුක්ති පෙරමුණේ මැදිහත්වීම පිළිබඳව ඇඟයීමටද ලක්විය.

එතෙර අපි - අබුඩාබි සංවිධානය


RECOMMEND POSTS