අබුඩාබි කුමරු රුසියානු ජනාධිපති හමුවෙයි



අබුඩාබි ඔටුන්න හිමි කුමරු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සන්නද්ධ හමුදා නියෝජ්‍ය හමුදාපති ෂයික් මොහොමඩ් බින් සයෙඩ්අල් නහියන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුවී සාකච්ඡා ආරම්භ කල බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

එම හමුවේදී මිත්‍රත්වය,සහයෝගීතාව, අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කලාපීය හා ජාත්‍යන්තර ප්‍රශ්න සම්බන්ධයෙන් සාකච්ඡා වු බව වාර්තා වේ.

දෙරට අතර ද්විපාර්ශ්වීක සාකච්ඡා ආරම්භ වීමෙන් පසු ආර්ථික, ආයෝජන සහ වෙළද ක්ෂේත්‍ර සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වු බව වාර්තා වේ.

මැදරෙදිග කලාපයේ පවතින තත්ත්වය, කලාපීය සහ අන්තර්ජාතික ප්‍රශ්න,  සිරියානු- ලිබියානු අර්බුදය සහ ත්‍රස්තවාදී සංවිධානයක්ට එරෙහිව සිදුකරනු ලබන සටන් පිළිබඳවද අවධනය යොමුවූ බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
ජී.ඩී.එන් ඔන්ලයින් ඇසුරිනි


RECOMMEND POSTS