බහරේනයේ ලංකිකයන් ගැන පැසැසුම්



බහරේනයේ සේවය කරන ශ්‍රී ලාංකික සේවයකයන්ගේ සේවය පිළිබඳව එරට කම්කරු සහ සමාජ  සංවර්ධන අමාත්‍ය ජමීල් බින් මොහමඞ් මහතා ශ්‍රී ලංකා අධිකරණ හා විදේශ රැකියා ඇමතිනි තලතා අතුකෝරල මහත්මිය හමුවේ ප්‍රසංශාව පළ කළේය.

අතුකෝරළ මහත්මිය අද බහරේන් රාජ්‍යයේ කම්කරු සහ සමාජ සංවර්ධන අමාත්‍ය ජමීල් බින් මොහමඞ් මහතා එරට දී හමුවූ අවස්ථාවේ මෙම අදහස් පළ කල අතර දෙරට අතර සහයෝගීතාවය වර්ධනය කිරීම සඳහා ඉදිරියේදී ගන්නා නව ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කළහ.

මේ වන විට බහ‍ෙර්නයේ ශ්‍රී ලාංකිකන් 11,000 ක පමණ ප්‍රමාණයක් රැකියා වල නිරත බවත් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ සුරක්ෂිතතාවය වෙනුවෙන් සොයා බලා කටයුතු කරන බවත් බහf්රන් කම්කරු සහ සමාජ සංවර්ධන අමාත්‍යතුමන් එහි දී පවසා ඇත.

එසේම අමාත්‍යවරිය මෙහිදී මැදපෙරදිග රාජ්‍යයක් ලෙස බහරේන් රාජ්‍යය ලංකාවට ලබාදෙන රැකියා අවස්ථා සම්බන්ධව සතුටු වන බවත් ඉදිරියේදී වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයින්ට ලබා දීමට කටයුතු කරන ලෙසත් ඉල්ලීමක් කර ඇත.

විශේෂයෙන් මුදල් පාලන, පරිගණක විශේෂඥ, තොරතුරු තාක්ෂණ සැකසුම්, ගණකාධිකාර, තත්ව පාලන ඉංජිනේරු වැනි ඉහළ වෘත්තීමය අංශ වල රැකියා අවස්ථා ලබා දීම සම්බන්ධව අමාත්‍යවරිය එහි දී ස්තුතිය පළ කර ඇත.

මීට අමතරව විගමණික ශ්‍රමිකයින්ගෙන් ශ්‍රී ලංකාවට වැඩි ආදායමක් ලැබෙන බවත් ගත වූ වසරේදී ඇමෙරිකන් ඩොලර් බිලියන 7.9ක ආදායමක් විදේශ ගත ශ්‍රමිකයින්ගෙන් ලැබුනු බවත් සඳහන් කළ අමාත්‍යතුමිය එම අදායම ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙනන තේ, පොල්, රබර්, ඇඟලුම් කර්මාන්තය, සහ මැණික් හා ස්වර්ණාභරණ යන අංශයන්ට වඩා වැඩි බවත් සඳහන් කළාය.

විනීතා එම් ගමගේ

 


RECOMMEND POSTS