තුර්කියෙන් ත්‍රීඩී ප්‍රින්ටරයක්



‘ටයිකා’ හෙවත් ‘තුර්කි සහයෝගීතා සහ සම්බන්ධීකරණ ඒජන්සිය’ මැදිහත් වීමෙන්, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයට ‘ත්‍රීඩී ප්‍රින්ටරයක්’ (ත්‍රිමාණ තාක්ෂණය භාවිතා කරන මුද්‍රණ යන්ත්‍රයක්) පරිත්‍යාග කිරීම අද (2) කොළඹ තුර්කි තානාපති කාර්යාලයේදී සිදුවිය.

එම අවස්ථාවට තුර්කි තානාපති ටුන්කා ඔස්චුන්ඩාර්, කෘෂි විද්‍යා පීඨාධිපති මහාචාර්ය ගාමිණී පුෂ්පකුමාර, මහාචාර්ය එම්.අයි.එම්. මෞජූද්, මහාචාර්ය බී.එෆ්.ඒ. බස්නායක, මහාචාර්ය කේ.එස්.පී අමරතුංග සහ ආචාර්ය රස්. පද්මරාජා යන මහත්වරු එක්වී සිටියහ.

රැස්ව සිටි පිරිස අමතමින් තුර්කි තානාපති කියා සිටියේ මුද්‍රණ යන්ත්‍රය පරිත්‍යාග කිරීම සිදුවන්නේ තුර්කි රජයේ මැදිහත් වීමෙන් සිදුවන මානුෂීය සහ සංවර්ධන කටයුතුවලට සමගාමීව කියාය.

ඡායාරූප: චතුර එස්. කොඩිකාර


RECOMMEND POSTS