හොංකොං හි නිදහස සැමරේ



71 වැනි නිදහස් දින සැමරුමට සමගාමීව, හොංකොං හි ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය සංවිධානය කළ නිදහස් දින සැමරුම් උලෙළක් අති උත්කර්ශවත් අන්දමින් පසුගිය 10 වැනිදා, පෝ ලියුන්ග් කුක් ලාම් මාන් චාන් ඉංග්‍රීසි ප්‍රාථමීක පාසලේ දී පැවැත්විණි.

ජාතික ධජය එසවීම, උළෙලේ ප්‍රධාන අමුත්තා වූ මහාචාර්ය මලික් පීරිස් මහතා අතින් සිදුවුණු අතර සම්භාවනීය අමුත්තෝ රැසක් එම අවස්ථාවට එක් වී සිටියහ.

දේශාභිමානී ගීත සහ නර්තනාංග රැසකින් නිදහස් සැමරුම් උළෙල හැඩ ගැන්වුණු බව සංවිධායකයෝ පවසති.

සැමරුම් උලෙළ පැවැත්වූයේ හොංකොං බෞද්ධ විහාරයේ විහාරාධිපති සීගිරියේ සුමිත්ත හිමිපාණන් අනුශාසනා පරිදිය.


RECOMMEND POSTS