සම මතුපිට කොරෝනා පැය 9 ක් ඉන්නවා



කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරස විෂබීජවලට නොනැසී පැය 9 ක කාලයක් මිනිස් සම මත රැදී පැවැතිය හැකි යැයි ජපන් වෛද්‍ය පර්යේෂණ කණ්ඩායමක් අනාවරණය කරයි.

සාමාන්‍යයෙන් උණ හෙම්බිරිස්සා තත්ත්වයන් ඇති කරන වයිරස විෂ බීජ සම මතුපිට රැදී පවතින්නේ පැය දෙකක් හෝ තුනක් පමණක් නමුත්, කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරස විෂබීජ අනෙක් සියලු වයිරස විෂබිජවලට වඩා ප්‍රබල යැයි පර්යේෂකයෝ පැහැදිලි කරති.

කෙසේ නමුත්, එතනෝල් සහිත විෂබීජ නාශක දියර භාවිත කිරීමේදී කොවිඩ් 19 වයිරස විෂබීජ තත්ත්පර 15 ක් ඇතුළත විනාශ කර හැකි බව ද ජපන් වෛද්‍ය පර්යේෂකයෝ සිදු කළ පර්යේෂණ අනුව පවසති.

කොවිඩ් 19 වයිරසය සමේ රැඳී පැවැතියත්, එය සිරුරුට ආසාදනය වීම සම හරහා සිදු නොවෙයි. වයිරසය ශරීරගත වන්නේ නාසයෙන්, මුඛයෙන් සහ ඇස්වලින් පමණි.

වයිරසයෙන් බේරීමට නම්, මුහුණු ආවරණ පැලඳීම, සමාජ දුරස්ථභාවය මීටරයකට හෝ මීටර් දෙකකට වඩා පවත්වා ගැනීම, මුහුණ ස්පර්ශ කරන බැවින් දෑත් නිරතුරුව පිරිසුදුව තබා ගැනීමට සෞඛ්‍ය උපදෙස් ලැබෙන්නේ එහෙයිනි.

(රොයිටර්)


RECOMMEND POSTS