ලේ දන්දීමක් සහ වෛද්‍ය සායනයක්



70 වන නිදහස් දිනය මුලික කර ගනිමින් අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා බැඳුනු ශ්‍රී ලංකා සංස්කෘතික පදනම විසින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩ සටහන හා වෛද්‍ය සායනය අබුඩාබි ශ්‍රී ලංකා තානාපති, එස්.ජේ.මොහීදීන් මැතිතුමා, නියොජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී සිසිර සෙනවිරත්න මහතා ඇතුළු තානාපති කාර්යාලයේ නිලධාරී මණ්ඩලයේ හා තවත් ආරාධිත අමුත්තන් පිරිසකගේ ප්‍රධානත්වයෙන් සහ අබුඩාබියේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ සහභාගීත්වයෙන් අබුඩාබි අබුඩාබි තානාපති කාර්යාල පරිශ්‍රයේ දී 2018 පෙබරවාරි 02 වන දින අවසන් වන්නට විය.

අබුඩාබි, අහලියා රෝහලේ මෙහෙයවීම නොමිලයේ සිදු කරන ලද වෛද්‍ය සායනය සදහා අබුඩාබියෙහි වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවේ සහභාගීත්වය නොඅඩුව ලැබුණි. එසේම ජීවියක් ජීවත් කරවීම උදෙසා තම ලේ බිඳක් ලබා දීමට පැමිණි පිරිසද අබුඩාබි ලේ බැංකුව වෙත ලබා දුන් දායකත්වය අගය කළ යුතුය.

ශ්‍රී ලංකා සංස්කෘතික පදනම විසින් 2018-02-23 වන දින අබුඩාබි ෆොක්ලෝ තියටර් හිදී අබුඩාබියේ සියළුම ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් නොමිලයේ සංවිධානය කරනු ලබන අපගේ සංස්කෘතියේ අභිමානය ලොවට කියාපාන්නට නිදහසේ දැහැන 2018තුළින් නැවත හමුවෙමු.

ප්‍රභාත් ගුණසේකර

ජායාරූප - චන්දන මදනායක මහතා


RECOMMEND POSTS