ලාංකික සම්භයක් ඇති පාපන්දු තරුව



ලොව වඩාත්ම ජනපි‍්‍රය කී‍්‍රඩාව පාපන්දු කී‍්‍රඩාවය. යුරෝපා රටවල, විශේෂයෙන් මහා බි‍්‍රතාන්‍යයේ පාපන්දු කී‍්‍රඩාවට හිමිවන්නේ, සුවිශේෂී ස්ථානයකි.

පාපන්දු කී‍්‍රඩකයන් පමණක් නොව කී‍්‍රඩිකාවන් ද සුපිරි තරු හා සමාන ය. කොරෝනා වසංගතය හේතුවෙන් අඩාල වුවත්, සෑම වසරකම, වසර මුළුල්ලේ ම පාපන්දු තරග පැවැත්වෙයි. එංගලන්තයේ පැවැත්වෙන එෆ්.ඒ. කුසලාන කන්තා සුපර් ලීග පාපන්දු තරගාවලිය ඒ අතරින් කැපී පෙනෙයි.

එෆ්.ඒ. කුසලාන කාන්තා සුපර් ලීගය වෙනුවෙන් කණ්ඩායම් 12 ක් තරගවදී. ‘වෙස්ට් හැම් යුනයිටඞ්’ ඒ අතරින් කැපී පෙනෙන පාපන්දු කණ්ඩායමකි. ‘වෙස්ට් හැම් යුනයිටඞ්’ කාන්තා කණ්ඩායමට එක් වී සිටින නවතම සාමාජිකාවට ඇත්තේ ශ්‍රී ලාංකික සම්භවයකි. ඇය ජැසින්ටා ගලබොඩආරච්චි ය.

බටහිර රටක පාපන්දු කණ්ඩායමක ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කී‍්‍රඩිකාවක් කී‍්‍රඩා කරන පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි. ‘වෙස්ට් හැම්’ කණ්ඩායමේ ඉදිරිපෙළ කී‍්‍රඩිකාවක ලෙස මේවනවිට ජැසින්ටා දස්කම් පෙන්වයි. ඇය මෙම කණ්ඩායමට කී‍්‍රඩා කිරීම ආරම්භ කළේ පසුගිය 2019 වසරේ සිටය. 2019 වසරේ සිට මේ දක්වා, ‘වෙස්ට් හැම්’ කණ්ඩායම වෙනුවෙන්, ජසින්ටා තරඟ 11 සහභාගී වී ඇත.

ජැසින්ටා, නමින් ප‍්‍රසිද්ධ ඇයගේ සම්පූර්ණ නම ජැසින්ටා පේ‍්‍රමා ඞී නිවා ගලබොඩආරච්චි ය. ගලබොඩආරච්චි පෙළපත් නාමය ඇයට හිමි වී ඇත්තේ පියා ශ්‍රී ලාංකිකයකු නිසාය. එංගලන්තයේ ‘වෙස්ට් හැම්’ කණ්ඩායමේ සාමාජිකාවක වුවත්, ජැසින්ටා එංගලන්ත වැසියකු නොවෙයි. ඇය උපතින්  ඕස්ටේ‍්‍රලියානුවෙකි. පියා ශ්‍රී ලාංකික  ඕස්ටේ‍්‍රලියානුවෙකි.

ජැසින්ටා උපත ලබා ඇත්තේ 2001 වසරේදීය. ජසින්ටාගේ මුත්තා සහ මිත්තණිය ඉතාලි පුරවැසියෝ ය. ජැසින්ටා පාපන්දු කී‍්‍රඩාවෙන් දස්කම් පෙන්වන්නේ වයස අවුරුදු පහේ සිටය. ඇය පාපන්දු කී‍්‍රඩාවට යොමු වූයේ ඇගේ සොහොයුරා නිසා ය.

පාපන්දු කී‍්‍රඩාවෙන් දස්කම් පෙන්වන්න වූ බැවින්, ජැසින්ටා එංගලන්තයේ මැන්චෙස්ටර් යුනයිටඞ් පාපන්දු කණ්ඩයමේ පාපන්දු පුහුණුවක් ලැබුවාය. ඒ වනවිට ඇගේ වයස අවුරුදු 9 කි. ඉන්පසු එංගලන්තයේ ප‍්‍රකට පාපන්දු පුහුණු ඇකඩමි කීපයකින් ද ඇයට පුහුණුව ලැබුණි.

2016 දී මෙල්බර්න් කණ්ඩායමට එක් වුණු ජැසින්ටා, 2017 දක්වා එම කණ්ඩායමේ සාමාජිකාවක වූවාය. ඒ, තරග පහකට සහභාගී වෙමිනි. ඉන්පසු යළිත් එංගලන්තයට ගොස් එංගලන්ත පාපන්දු කී‍්‍රඩා සමාජ කීපයකින් ඇය පුහුණුව ලැබුවාය. අවුරුදු 18 සම්පූර්ණ කර නොසිටි බැවින්, කිසිදු කී‍්‍රඩා සමාජයක් සමඟ ගිවිසුමකට එලැඹීමට ඇයට එම අවස්ථාවේදී හැකියාවක් ලැබුණේ නැත.

2016 සිට 2018 තෙක් කාලයේ ජැසින්ටා,  ඕස්ටේ‍්‍රලියානු 17 න් පහළ කාන්තා පාපන්දු කණ්ඩායමේ සාමාජිකාවක වූවාය. ඒ පාසල් සිසුවියක ලෙසය.

2018 දී ඇය 20 න් පහළ  ඕස්ටේ‍්‍රලියා ජාතික කණ්ඩායමට කී‍්‍රඩා කළා ය. 2017 වසරේ පෘතුගාලයේ ඇල්ගාර්වේ කුසලාන පාපන්දු තරඟාවලියට එක් වූයේ  ඕස්ටේ‍්‍රලියා කාන්තා පාපන්දු කණ්ඩායම හෙවත් මැටිල්ඩාස් කණ්ඩායම නියෝජනය කරමිණි.

2018 දී යළි  ඕස්ටේ‍්‍රලියාවට ආ ජැසින්ටා, පසුගිය 2019 තෙක් කාලයේ  ඕස්ටේ‍්‍රලියානු කාන්තා ලීගයට කී‍්‍රඩා කළාය. ඒ, ‘පර්ත් ග්ලෝරී’ කණ්ඩායමේ සාමාජිකාවක ලෙස ගිවිසුමකට අත්සන් කරමිණි. පසුගිය 2019 දී ජසින්ටා, යළිත් වරක් එංගලන්තයට ගියාය. ‘වෙස්ට් හැම් යුනයිටඞ්’ කණ්ඩායමට ඇය එක් වූයේ ඒ අනුවය.

අද ‘වෙස්ට් හැම් යුනයිටඞ්’ කාන්තා පාපන්දු කණ්ඩායමේ සාමාජිකාවන් අතරින්, අංක 15 න් කැපී පෙනන දක්ෂතා පෙන්වන සුපිරි කී‍්‍රඩිකාවක වීමට ජැසින්ටා, සමත් වී සිටී.

විකිපීඩියා ඇසුරිනි


RECOMMEND POSTS