ටාජ් මහල බලන්න යයි



දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ සිටින ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, බිරිඳ මෙලානියා ට්‍රම්ප් සමඟ අද (24) සවස අග්‍රා නුවරට ගොස් සුප්‍රකට ටාජ් මහල නැරැඹූහ.

එය සැබැවින්ම අපූරු අත්දැකීමක් බව ඇමෙරිකන් ජනපති ට්‍රම්ප් පමණක් නොව බිරිඳ මෙලානියා ද පසුව මාධ්‍ය හමුවේ කියා සිටියාය.

දෙදින නිල සංචාරය ආරම්භ කරමින් ජනපති ට්‍රම්ප් බිරිඳ මෙලානියා පැමිණියේ ගුජරාඨයේ අහ්මදාබාද් නුවරටය. ට්‍රම්ප් පිළිගැනීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගුවන්තොටුපොළට පැමිණ සිටියේය.

ට්‍රම්ප් සහ මෙලානියා පමණක් නොව, ට්‍රම්ප්ගේ පළමු කසාදයේ දියණිය ඉවන්කා සහ ඇගේ සැමියා ජෙරාඩ් කුෂ්නර් ද ඉන්දියාවට පැමිණ සිටිති. ඉවන්කා සහ ජෙරාඩ් ද ටාජ් මහල නැරැඹීමට ගියහ.

(ඩේලිමේල්)


RECOMMEND POSTS