ඥාණසාර හිමිට සමාව



(ජයන්ත සමරකෝන්)

සිරදඬුවම් විඳින බොදුබලසේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ ලිපියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද පස්වරුවේ අත්සන් තබා ඇතැයි වාර්තා වේ.

ඒ අනුව හෙට (23) පස්වරු  3.00  උන්වහන්සේ බන්ධනාගාරයෙන් රැගෙන යාමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි එම සංවිධානයේ ජාතික සංවිධායක  විතාරන්දෙනියේ නන්ද හිමියෝ පැවසූහ.

උන්වහන්සේට නිදහස ලබා දීමේ මූලික අදියර යටතේ ජනාධිපති ලේකම්වරයා විසින් ඊයේ (21) බන්ධනාගාර මූලස්ථානයෙන් වාර්තාවක්ද කැඳවා තිබුණි.

ඉකුත් 18 වැනිදා  වෙසක් පෝදා සිරකරුවන් 762කට වැලිකඩ බන්ධනාගාරයේදී ජනාධිපති පොදු සමාව ලබා දීමේ අවස්ථාවට සහභාගී වූ ජනාධිපතිවරයා ඉන් අනතුරුව වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත ගොස් ඥානසාර හිමි හමුවී විනාඩි 45 කට ආසන්න කාලයක් සුහද පිළිසඳරක යෙදී තිබුණි.

එහි ප්‍රතිඵලයක් ලෙස උන්වහන්සේට ජනාධිපති සමාව ලැබී ඇතැයි ද මෙම අවස්ථාවේ පොදු සමාවදීම මුළු රටම ඉල්ලා සිටි එකම ඉල්ලීමක් බවද නන්ද හිමියෝ සඳහන් කළහ.

අධිකරණයට අපහාස කිරීම ඇතුලුව චෝදනා හතරකට වරදකරු කර තිබූ උන්වහන්සේට බරපතල වැඩ සහිතව වසර 19ක සිරදඬුවමක් නියම වූ අතර එය වසර හයකින් ගෙවීයන පරිදි ලිහිල් විය.

2018 අගෝස්තු 18 වැනි දා උන්වහන්සේට මෙම සිරදඬුවම නියම විය.


RECOMMEND POSTS