ගාන්ධිතුමන් සිහිකෙරේ



මහත්මා ගාන්ධිතුමන්ගේ 150 වැනි ඡන්ම සංවත්සරය වෙනුවෙන් අරලිය ගහ මන්දිරයේදී එතුමන්ගේ ලෝකඩ ප්‍රතිමාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් නිරාවරණය කෙරුණි.

ඊට අමතරව මහත්මා ගාන්ධිතුමන්ගේ 150 වැනි ඡන්ම දිනය සිහිපත් කරමින් සමරු මුද්දර දෙකක් ද මේ අවස්ථාවේදී නිකුත් කෙරුණි.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන රවී කරුණානායක, නවීන් දිසානායක, එම්.එච්.ඒ. හලීම්, සාගල රත්නායක, නියෝජ්‍ය තැපැල්පති ඩී.ඒ.ආර්.කේ. රණසිංහ සහ මුද්දර කාර්යාංශයේ අධ්‍යක්ෂ එස්.කේ. මීගම යන මහත්වරු සහභාගී වූහ.

හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS