එල්ටීටීඊ ත්‍රස්තවාදය පරදා වසර 11 යි



එල්ටීටීඊ කොටි ත්‍රස්තවාදී සංවිධානය යුදමය වශයෙන් පරාජය කර අප ලැබූ විජයග්‍රහණයට වසර 11 ක් සපිරේ. 30 වසරක් තිස්සේ පැවැති යුද්ධය අවසන් වූයේ නන්දිකඩාල් කලපුවේ දී එල්ටීටීඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මරණයත් සමඟය.

විජයග්‍රහණය වෙනුවෙන් කළ ඒ අවසන් මහ සටන, ලොව දැවැන්තම මානුෂීය මෙහෙයුම ලෙස ඉතිහාසයට එක් වී අවසන්ය. එදා එම මානුෂීය මෙහෙයුමට නායකත්වය දුන්නේ ජනාධිපති ධුරයේ කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතා ය. එදා ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා ය.

අදවනවිට එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානය පරාජය කර වසර 11 ක් සපිරෙද්දී, ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති ධුරයේ කටයුතු කරන අතර මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයේ කටයුතු කරයි. යුද හමුදාවේ සේනාධිනායකයන් ලෙස මානුෂීය මෙහෙයුමේ පෙරමුණ ගත් මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා වත්මන් ආරක්ෂක ලේකම්වරයා ය. ලුතිනන් ජනරාල් ශ්‍රවේන්ද්‍ර සිල්වා මහතා වත්මන් හමුදාපතිවරයා ය.

ත්‍රස්තවාදය පරාජය කර වසර 11 ක් සපිරෙද්දී, අද අප අදිසි සතුරකුට මුහුණ දෙමින් සිටී. අප පමණක් නොව, මේ අදිසි සතුරා මුළුමහත් ලෝකවාසීන්ට ම තර්ජනයකි.  ඒ සතුරා ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයයි. වයිරසය පාලනය වැලැක්වීමට සෞඛ්‍ය අංශ උපදෙස් මත, සෞඛ්‍ය අංශ සමඟ එක් වෙමින් අප ත්‍රිවිධ හමුදාව, පොලිසිය කරන මෙහෙවර සහ කැප කිරීම අතිමහත්ය.


RECOMMEND POSTS