අයියණ්ඩිය සමඟ පාසල් ගිය චාලට් කුමරිය



ඔටුන්න හිමි විලියම් කුමරු සහ කේම්බි‍්‍රජ් ආර්යාව හෙවත් කේට් මිඞ්ල්ටන්ගේ එකම දියණිය චාලට් කුමරිය ඇගේ පාසල් අධ්‍යාපන කටයුතු ආරම්භ කළාය.

විලියම් කේට් යුවල, චාලට් කුමරිය ඇතුළත් කර ඇත්තේ ද තෝමසස් බෙතර්සී පාසලටය. චාලට් කුමරියගේ වැඩිමල් සොහොයුරා මෙන්ම විලියම් කේට් යුවලගේ වැඩිමල් පුතු ද වන ජෝර්ජ් කුමරු අධ්‍යාපනය ලබන්නේ ද මෙම පාසලේය.

චාලට් කුමරිය ලැජ්ජාවෙන් මව කේට්ගේ අතේ එල්ලීගෙන පාසලට පැමිණි අතර ජෝර්ජ් කුමරු සිටියේ පියා විලියම් කුමරු අසලය.  පාසල් ප‍්‍රාථමික අංශයේ විදුහල්පතිනි හෙලන් හස්මීන් ඉදිරියට පැමිණ අතට අත දී චාලට් කුමරිය බොහොම ආදරයෙන් පිළි ගත්තාය. ඉන්පසු රජ පවුලේ සාමාජිකයන් පාසල් භූමියට රැුගෙන යෑමට ඇය කටයුතු කළාය.

ජෝර්ජ් කුමරුන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් විලියම් කේට් යුවල වසරකට පවුම් 19,000 ක (රුපියල්වලින් 42,146,91 ක්) මුදලක් තෝමසස් බෙතර්සී පාසලට ගෙවනු ලබයි.

ජෝර්ජ් කුමරු අධ්‍යාපනය හදාරන බැවින්, චාලට් කුමරිය වෙනුවෙන් සියයට 2 ක වට්ටමක් ද විලියම් කේට් යුවලට හිමිවී ඇතැයි බි‍්‍රතාන්‍ය පුවත් සේවා වාර්තා කරයි. චාලට් කුමරිය ඇගේ සිවුවැනි උපන් දිනය සැමරුවේ පසුගිය මැයි දෙවැනිදාය.

ලන්ඩනයේදීය (ඩේලිමේල් ඇසුරිනි)


RECOMMEND POSTS