අපි ලාංකිකයෝ ක්‍රිකට් තරගාවලිය



‘අපි ලාංකිකයෝ’ එකමුතුව සංවිධානය කළ නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලිය පසුගිය දෙසැම්බර් දෙවැනිදා පැවැත්වුණු අතර එය ඉතා සාර්ථක වූ බව වාර්තා වේ.

තරගයට එක්වුණු ක්‍රීඩකයන්ට ඔවුන්ගේ දස්කම් පෙන්වීමටත්, ක්‍රිකට් ක්‍රීඩාවට ආදරේ ක්‍රිකට් ලෝලීන්ට අපූරු ක්‍රිකට් තරගාවලියක් නැරැඹීමටත් අවස්ථාව උදාවිය.

‘ඩුබායි ලයන්ස්’ සහ ‘සිල්වර් හෑන්ඞ්ස්’ යන  කණ්ඩායම් ශූරතාවයත්, ‘රේන්ජ්ස්’ සහ ‘ඩිප් ලයන්ස්’ යන කණ්ඩායම් අනුශූරතාවයත් දිනා ගත්තේය. ‘ඩුබායි ලයන්ස්’ කණ්ඩායමට රුපියල් 2,00,000 ක මුදල් ත්‍යාගයක් ද හිමිවිය.

මෙම ක්‍රිකට් තරගාවලිය සාර්ථක කර ගැනීමෙහිලා නන් අයුරින් උදවු කළ සැමට පමණක් නොව, අනුග්‍රාහකයන්ට තම හෘදයාංගම ස්තුතිය පිරිනැමෙන බව ‘අපි ලාංකිකයෝ’ එකමුතුව කියයි.


RECOMMEND POSTS