අගමැති මහින්දට උණුසුම් පිළිගැනීමක්



සිවුදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට ගොස් සිටින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගෙන් මෙන්ම එරට ජනාධිපති රාම් නාත් කෝවින්ද් මහතාගෙන් ද උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් අද (8) දහවල් නවදිල්ලි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විණි.

ඉන්පසු අගමැතිවරු දෙදෙනා ඒකාබද්ධ මාධ්‍ය හමුවක් ද පැවැත්වූහ. අගමැති ධුරයට පත්වීමෙන් පසු මහින්ද රාජපක්ෂ මහතාගේ පළමු විදෙස් සංචාරය මෙයයි.

(ඉන්දීය පුවත් සේවා)


RECOMMEND POSTS