’’අම්ෆන්’’ සුළි කුණාටුවෙන් 100ට වැඩි පිරිසක් මරුට



ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශ හා බංගලාදේශය හරහා හමා ගිය අම්ෆන් සුළි කුණාටුවෙන් රටවල් දෙකෙහි පුද්ලයන් 102 දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.
දශකයක පමණ කාලයක් තුළ ඇතිවූ දරුණුම සුළි කුණාවක් ලෙස හැඳින්වෙන අම්ෆන් කුණාටුවෙන් රටවල් දෙකටම දැඩි අලාභ හානි සිදුව ඇත.
කුණාටුව පැමිණීමට පෙර මිලියන තුනක පමණ ජනතාවක් සුරක්ෂිත ස්ථාන වලට ඉවත් කළ බවත් ඒ හේතුවෙන් ජීවිත හානි අඩුවූ බවත් බලධාරීහු පවසති.
මිලියන 13ක පමණ ජනතාවට කුණාටුවෙන් බලපෑම් සිදුවී තිබේ.
නිවාස මිලියන 1.5කට පමණ හානි සිදුව ඇතැයි මූලිකව ගනනය කර ඇත.
ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ පමණක් ගම්මාන 700ක් පමණ ජලයෙන් යටවිය. 80 000කට නිවාස අහිමි විය.
ප්‍රාන්තය පුරා කඳවුරු වල දස දහස් ගණනක් පිරිස් රඳවා තිබේ.
මෙම කඳවුරු වල සමාජ දුරස්ථ භාවය පවත්වා ගැනීමට අපහසු බවත් ඒ හේතුවෙන් කොරෝනා රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් හටගෙන ඇති බවත් බලධාරීහු පවසති.
ප්‍රාන්තයේ අගනුවර වන කල්කටා හි කඩා වැටුණු ගස්, ගොඩනැගිලි ඇතුළු සුන්බුන් ඉවත් කිරීම සඳහා දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇත.
බංගලාදේශයේ ද වගාබිම් විශාල ප්‍රමාණයක් විනාශ වී ඇති හෙයින් බොහෝදෙනාට ජීවනෝපාය අහිමි වී ඇතැයි ද සඳහන් වේ.


RECOMMEND POSTS