සෝමාලියාවේ බෝම්බ පිපිරීමෙන් හයක් මරුට



සෝමාලියාවේ අගනුවර වන මොගඩිෂු හි මාර්ගයක අටවා තිබූ බෝම්බයක් පුපුරා යෑමෙන් ඒ ආසන්නයෙන් ගමන් කරමින් තිබූ බස් රථයක සිටි 06 දෙනකු මියගොස් තිබේ.
සිද්ධියෙන් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
මොගඩිෂු නගරයට කිලෝමීටර් 19ක් වයඹ දෙසින් පිහිටි හවා අබඩි ගම්මානයේදී මෙම පිපිරීම සිදුව තිබේ.
අවමංගල්‍ය උත්සවයකට සහභාගී වීම සඳහා ගිය එකම පවුලේ පිරිසක් මෙලෙස අනතුරට පත්වි ඇතැයි පොලිසිය පවසයි.
එම මාර්ගය රජයේ සහ ආරක්ෂක අංශ විසින් බහුලව භාවිතා කරන බවත් ඔවුන් ඉලක්ක කර බෝම්බය අටවා තබන්නට ඇති බවත් පොලිසිය පවසයි.
කෙසේ වුවුද ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවකු බාරගෙන නොමැත.
ඉස්ලාමීය සටන් කණ්ඩායමක් වන අල් ෂබාබ්, 2008 වසරේ සිට සෝමාලියාවේ රජය පෙරළා දැමීමේ අරමුණින් සටන් මෙහෙයවයි.
ඉස්ලාමීය ෂරියා නීතිය මත පදනම්ව ඔවුන්ගේම පාලන තත්ත්‍රයක් යටතේ සෝමාලියාව පාලනය කිරීම අල් ෂබාබ් කණ්ඩායමේ බලාපොරොත්තුව බව සඳහන් වේ.

RECOMMEND POSTS