සිංගප්පූරුව වසා දැමීමේ තිරණයක්



කොවිඩ් වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා සිංගප්පූරුවේ ආහාර, ඖෂධ වෙළඳ සැල් සහ බැංකු හැර අන් සියලු ස්ථාන වසා දැමීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ලිං හියන් ලූං පවසයි.

සිංගප්පූරුවේ ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 1,114 දක්වා ඉහළ ‍ගොස් ඇති අතර මියගිය සංඛ්‍යාව හය දෙනෙකි.

අගමැතිවරයා කියා සිටි‍යේ මෙලෙස රට ලොක්ඩවුන් කිරීම අප්‍රේල් 07 වැනි දින සිට 04 වැනි දක්වා ක්‍රියාත්මක කරන බවයි. පාසල් සියල්ල වසා දමන බවත් පාසල් අධ්‍යාපන කටයුතු නිවෙස්වල සිට සිදුකිරිමේ ක්‍රමවේදයක් අප්‍රේල් 08 වැනි දා සිට ක්‍රියාත්මක කරන බවත් අගමැතිවරයා කීවේය.

ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියේ අත්‍යාවශ්‍ය දේයකට හැර නිවසින් එළියට නොයන ලෙසයි. මෙලෙස රටේ සියුලු පොදු කාර්යයන් නවතා දැමුව ද එම කාලය තුළ අවශ්‍යතරම් ආහාර හා ඖෂධ රට තුළ පවතින බැවින් ගැටලුවක් නොවන බව ද ඔහු කියා සිටියේය.


RECOMMEND POSTS