විශ්‍රාම ලැබූ වෛද්‍යවරු සහ හෙද නිලධාරීන්ට යළි අවස්ථාව



සබරගමුව රෝහල්වල ඇති වෛද්‍ය සහ හෙද නිලධාරී හිඟය මගහැරීම සඳහා විශ්‍රාම ලැබූ වෛද්‍යවරුන්ගේ හා හෙද නිලධාරීන්ගේ සේවය ලබාගැනීමට තීරණය කර බව සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පවසයි. ත්‍රිවිධ හමුදාවෙන් විශ්‍රාම ලැබූ වෛද්‍ය හා හෙද නිලධාරීන්ගේ සේවය ද ලබාගැනීමට තීරණය කර ඇත.

ආණ්ඩුකාරවරයා පවසන්නේ සබරගමුව පළාත් සභාවේ රෝහල්වල වෛද්‍යවරු 218ක් සහ හෙද නිලධාාරීන් 33කගේ හිගයක් පවතින බවයි.

සබරගමුව පළාත් සභාව යටතේ පළාත් මහ රෝහලක්, මූලික රෝහල්, ප්‍රාදේශීය රෝහල්, පර්යන්ත රෝහල් සහ මධ්‍යම බෙහෙත් ශාලා හැටකට ආසන්න ප්‍රමාණයක් පවතී.

 


RECOMMEND POSTS