මෙක්සිකෝවේ කොරෝනා මරණ දෙගුණ වෙයි



මෙක්සිකෝවේ සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව ගත වූ දින 14ක කාලයේ දී දෙගුණයක් වී ඇතැයි ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.

අද (30) උදෑසන වනවිට මෙම සංඛ්‍යාව 9,415ක් දක්වා ඉහළ ගොස් තිබිණි. මේ අනුව මෙම සතියේ දී මෙක්සිකෝවේ කොරෝනා මරණ සංඛ්‍යාව 10,000 ඉක්මවනු ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ වනවිට එරට තහවුරු කර ආසාදිතයන් සංඛයාව 84,627කි.

ඊයේ (29) දිනයේ දී පමණක් මෙක්සිකෝවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3,227ක් වන අතර මරණ 371ක් සිදුව තිබිණි.

  


RECOMMEND POSTS