දකුණු කොරියාාවේ පාසල් යළි වසා දමයි



කොරෝනා වසංගතය යම් තරමකට පාලනය වීම හේතුවෙන් විවෘත කෙරුණු දකුණු කොරියාවේ පාසල් 500කට වැඩි ප්‍රමාණයක් යළි වසා දැමීමට කටයුතු කළ බව දකුනු කොරියා රජය පවයි.

එරට අගනුවර වන සෝල් නගරයේ සැපයුම් මධ්‍යස්ථානයක කොරෝනා ආසාදිත පොකුරක් හමුවීම හේතුවෙන් ‍එය පාලනය කිරීමට මෙම පියවර ගෙන ඇත.

රටේ ජනගහය මිලියන 52ක් වන අතර ඉන් අඩක් පමණ ජීවත් වන්නේ සෝල් නගරයේය. නගරයේ සියලු උද්‍යාන, කෞතුකාගාර සහ රංගශාලා ද ඉදිරි සති දෙකක කාලයක් සඳහා වසා දැමීමට රජය පියවර ගෙන තිබේ.

ඉදිරි සති දෙක තුළ එළිමහනයට යාමෙන්, රැස්වීම් පැවැත්වීමෙන් හා උත්සව පැවැත්වීමෙන් වළකින ලෙස ද සෞඛ්‍ය අමාත්‍ය පාක් නියුන්ග් හූ ඉල්ලා සිටියි.

සිකුරාදා වනවිට මම සැපයුම් මධ්‍යස්ථානයෙන් ආසාදිතයන් 100කට ආසන්න පිරිසක් සොයාගෙන තිබිණි.

දකුණු කොරියාවේ දැනට වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 11,441ක් වන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 269කි.


RECOMMEND POSTS