කළු කොටියා මියයයි



නල්ලතන්නිය, ලක්ෂපාන වතුයායේ වාලමලෙයි කොටසේ වතු කෝවිල අසළ එළවළු වගා භූමියක ඇටවූ මද්දකට හසුවී සිටිය දී වනජීවී දෙපාර්තමේන්තුවෙන් බේරාගෙන උඩවලව ඇත්අතුරු සෙවණට ගෙන ගිය කළු කොටියා මීට සුළු වේලාවකට පෙර මිය ගිය බව ඇත්අතුරු සෙවණේ පශු වෛද්‍ය මාලක අබේවර්ධන මහතා පැවසීය.

ශ්‍රී ලංකාවට ආවේණික පැන්තරා පාඩුස් කොටියා නමින් සත්ත්ව විද්‍යාත්මකව හඳුන්වන කොටි උපවිශේෂයේ කළු කොටියකු මෙරටින් සජීවීව හමුවූ ප්‍රථම හා එකම අවස්ථාව මෙයයි.

පසුගිය 26 වැනි දා කළු කොටියා මද්දකට හසුවී සිටි අතර එම සතා බේරාගැනීම සිදුකරන ලද්දේ සවස 2.00ට පමණය. පශු වෛද්‍ය අබේවර්ධන මහතා පැවසුවේ ගෙලට හිරවී තිබූ මද්ද හේතුවෙන් කොටියාගේ බෙල්ලට සිදුව තිබූ තුවාල, අධික වෙහෙස හේතුවෙන් ඊයේ (28) දිනය පුරාම කොටියා වැතිරී සිටි බවයි. එම සතාගේ ජීවිතය බේරාගැනීමට ගත් සියලු උත්සාහයන් අද උදෑසන ව්‍යර්ථ වී ගියේය.


RECOMMEND POSTS