ඉතාලි ප්‍රාන්ත අතර ගමනා ගමනයට අවස්ථාව



ඉතාලියේ ප්‍රාන්ත අතර ගමනාගමන කටයුතු ජුනි මස 03 වැනි දා සිට යළි ආරම්භ කරන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා මාස තුනක කාලයක් ඉතාලියේ ප්‍රාන්ත 20ක් අතර නිදහස් ගමනාගමනය තහනම් කර තිබිණි. එම කාලයේ දී ප්‍රාන්ත අතර සිදුවූයේ අත්‍යාවශ්‍ය සේවා සඳහා අවශ්‍ය ප්‍රවාහන කටයුතු පමණි.

සිකුරාදා (29) ඉතාලියෙන් කොරෝනා ආසාදිතයන් 516ක් සොයා ගැණුනු අතර මරණ 87ක් වාර්තා විය. ඒ අනුව මෙතෙක් ඉතාලියෙන් වාර්තා වූ සම්පූර්ණ ආසාදිතයන් සඛ්‍යාව 232,844 දක්වා ඉහළ ගිය අතර සිදුවූ මරණ සංඛ්‍යාව 33,229කි.  


RECOMMEND POSTS