ආසාදිතයන් ගණන 1631 දක්වා ඉහළට



ශ්‍රී ලංකාවේ කෙ‍ාරෝනා ආසාදිත සමස්ථ රෝගීන් සංඛ්‍යාව 1631 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි. අද මේ වනවිට අලුතෙන් රෝගීන් 11 දෙනකු හඳුනාගෙන ඇත.

අද හඳුනාගත් ආසාදිතයන්ගෙන් 9 දෙනෙකු විදේශ රටවල සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පිරිසකි.

අනෙක් ආසාදිතයින් දෙදෙනා නාවික හමුදා සාමාජිකයින්ය.

මේ වනවිට ආසාදනය වූ පුද්ගලයන් 801 දෙනකු සුවය ලබා රෝහලින් පිටව ගොස් ඇති අතර මියගිය සංඛ්‍යාව 10කි.


RECOMMEND POSTS