ආර්ථිකය නංවන්න කුවේටයේ සැළසුම්



කුවේට් ආර්ථිකය ඉහළ මට්ටමකින් පවත්වා ගෙන යෑම සඳහා පියවර ගනිමින් සිටින බව වාර්තා වේ.

කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් කුවේට් ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල වී ඇති අතර, ජන ජීවිතයද විශාල ලෙස පසුබෑමකට ලක් වී ඇත.   

විශාල ලෙස බලපෑම් එල්ල වී ඇති සමාගම්වල ණය වාරික ආපසු ගෙවීමේදි ලිහිල් ප්‍රතිපත්ති අනුගමණය කරන ලෙස කුවේට් මහබැංකුව සියළුම මූල්‍ය ආයතනවලින් ඉල්ලා ඇත.

අර්බුදයෙන් පීඩාවට පත් සමාගම්වලට ණය වාරික ආපසු ගෙවීම සඳහා මාස තුනක කාලයක් ලබාදෙන ලෙස මහබැංකු අධිපති, මොහොමඩ් අල්-හෂෙල් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

ගුවන් සේවා, ආගන්තුක සත්කාරය සහ දේපළ වෙළඳාම් වසංගතයෙන් වඩාත් බලපෑමට ලක් වූ අංශ අතරට ඇතුළත් වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS