වඳුරෝ කොරෝනා රුධිර සාම්පල පැහැරගනිති



ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ මීරට් හි වඳුරන් කණ්ඩායමක් විසින් කොරෝනා වයිරස රෝගීන්ගේ රුධිර සාම්පල කිහිපයක් උදුරාගෙන ගොස් ඇතැයි වාර්තා වේ.
මීරට්හි  රජයේ වෛද්‍ය විද්‍යාලයක විද්‍යාගාර කාර්මිකයෙකු, ප්‍රථිකාර ලබන කොරෝනා රෝගින් හතරදෙනකුගේ සාම්පල රැගෙන යමින් සිටියදී මෙම වඳුරන් කණ්ඩායම පහර දී තිබේ.
වඳුරන් රුධිර සාම්පල රැගෙන පලාගිය බවත් නැවතත් රෝගීන්ගෙන් රුධිර සාම්පල ගැනීමට සිදුවූ බවත් බලධාරීහු පවසති.
වඳුරන් ගෙනගිය රුධිර සාම්පල වලට කුමක් සිදුවීද යන්න සොයාගැනීමට නොහැකි වූ බවද බලධාරීහු පවසති.
වඳුරන් විසින් එම සාම්පල විශ්ව විද්‍යාලය අසල ඇති නේවාසික ප්‍රදේශ වලට ගෙනයනු ඇතැයි එහි ජනතාව බියට පත්වී ඇත.
වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන වෛද්‍ය එස්.කේ.ගාල් මහතා පවසන්නේ වඳුරන්ට කොරෝනා වයිරසය ආසාදනය වියහැකි බවට කිසිදු සාක්ෂියක් හමුවී නොමැති බවයි.
වඳුරන්ගේ ස්වාභාවික වාසස්ථාන විනාශ වීම හේතුවෙන් ආහාර සොයමින් නාගරික ප්‍රදේශ වලට ඇදී යන බව පරිසරවේදීහු පවසති.
 

RECOMMEND POSTS