රාමසාන් නිසා සටන් විරාමයක්



ඇෆ්ගනිස්ථානයේ ක්‍රියාත්මක  තලේබාන් සංවිධානය විසින් රාමසාන් උත්සවය වෙනුවෙන්, අද(24) සිට දින තුනක සටන් විරාමයක්  ප්‍රකාශයට පත්කර තිබේ.

මේ සම්බන්දව නිවේදනයක් නිකුත් කරමින්, "සතුරාට එරෙහිව කිසිදු ප්‍රහාරාත්මක මෙහෙයුමක් දියත් නොකරන්න. සතුරා ඔබට එරෙහිව යම් ක්‍රියාමාර්ගයක් ගනු ලැබුවහොත් ආරක්ෂා වන්න." යැයි තලේබාන් ප්‍රකාශකයෙකු පවසා ඇත.

ශුද්ධවූ රාමසාන් මාසය අවසන් කරන ඊද් උත්සවය සඳහා පමණක් සටන් විරාමය ප්‍රකාශයට පත්කළ බව ඔහු පවසා තිබේ.

ඇෆ්ගනිස්ථාන ජනාධිපති අශ්රෆ් ගානි පවසා ඇත්තේ සටන් විරාම නිවේදනය පිළිගන්නා බවයි. තම රජය  එයට සහාය දක්වන බවත් සාමය අපේක්ෂා කරන බවත් ඔහු පවසා ඇත. 

රාමසාන් මාසය ආරම්භ වීමට පෙර ඇෆ්ගනිස්ථාන රජය ඉල්ලා සිටි සටන් විරාමය තලේබාන් සංවිධානය ප්‍රතික්ෂේප කළේය.

ඇෆ්ගනිස්ථානයේ කොරෝනා වයිරසය ව්‍යාප්ත වුවද එය ද නොතකමින් පසුගිය දිනවල දෙපාර්ශවය අතර සටන් උත්සන්න විය.

රාමසාන් සමයේදී තලේබාන් සංවිධානය විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් අවම වශයෙන් සිවිල් වැසියන් 146 දෙනකු මියගොස් 430දෙනකු පමණ තුවාල ලබා ඇති බව කාබුල්හි ප්‍රධාන ආරක්ෂක කාර්යාලය පවසයි.


RECOMMEND POSTS