සෞදි නැගෙනහිර තානාපති ජංගම සේවාව සොව පල කරයි



සෞදි අරාබියේ නැගෙනහිර කලාපිය තානාපති ජංගම සේවාව පැවති පසුගිය මැයි 3 දින ශ්‍රී ලංකාවේ පසුගිය දින සිදුවූ අනපේක්ෂිත අන්තවාදී ත්‍රස්තවාදී ප්‍රහාරය හෙලා දකිමින් මියගිය සහ තුවාල ලැබූ සියලු පුරවැසියන් වෙනුවෙන් තම ශෝකය සහ බලවත් සංවේගය ප්‍රකාශ කිරීම උදෙසා විශේෂ වැඩසටහනක් උදැසන අටේ සිට නවය දක්වා අල් කොබර් ගෝල්ඩන් ටියුලිප් ශ්‍රවනාගාරයේදී  පැවැත්විණ.

සුපුරුදු පරිදි සැම මසකම පළමු සතියේ පළමු සිකුරාදා පැවැත්වෙන  තානාපති ජංගම සේවාවට සමගාමිව මෙම ශෝකය ප්‍රකාශ කිරීමේ වැඩසටහන පැවති අතර පැමිණ සිටි තානාපති නිලධාරින් ඇතුළු  සියලුම ශ්‍රී ලාංකිකයින්  විනාඩි තුනක නිශ්ශබ්දතාවයකින් තම ශෝකය සහ සංවේගය ප්‍රකාශ කරනු ලැබිය.

ඉන් අනතුරුව රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ විදේශ රැකියා උපදේශක එම් එම් දේශප්‍රිය මහතා පැමිණ සිටි ශ්‍රී ලාංකිකයින් අමතා ප්‍රකාශ කලේ තම මවුබිමෙන් එපිට සිටින ශ්‍රී ලාංකිකයින් වන අප සියලු දෙනා සංහිදියාව මෙන්ම සාමුහිකත්වය සදහා කැපවීම තුලින් මෙවැනි ම්ලේච්ච සහ අන්තවාදී ක්‍රියා අවම හෝ සහමුලින්ම නැවත්වීමට එකා මෙන් ක්‍රියා කලයුතු බවත් එකිනෙකා තුල ගොඩ නැගෙන ආධ්‍යාත්මික අවබෝදය සහ සහෝදරත්වය තුලින් තම මවුබිමේ අනාගත පැවැත්ම සදහා ක්‍රියා කිරීම සැමගේ කාර්ය භාරයක් බවත් පසුගියදා සිදුවූ අන්තවාදී ත්‍රස්තවාදී ප්‍රහාරයෙන්  දිවිපිදු සහ තුවාල ලැබූ සියලු පුරවසිසන් වෙනුවෙන්  අපගේ ශෝකය සහ කනගාටුව ප්‍රකාශ කරන බවයි.

තානාපති කාර්යාලයේ අමාත්‍ය උපදේශක එම් ඒ එන් අහමඩ් මහතාද ශ්‍රී ලාංකික ප්‍රජාව අමතා ප්‍රකාශ කලේ ශ්‍රී ලාංකිකයින් වන අප එක ජාතියක් පමණක් බවත් එම ජාතිය ශ්‍රී ලාංකිකයින් බවත් මාතෘ භුමියේ වෙසෙන අප සියල්ලන් එකමුතුව ජාතියක් ලෙස ඉදිරියට යා යුතු බවත් ම්ලේච්ච සහ ත්‍රස්තවාදී ප්‍රහාර හෙලා දැකිය යුතු බවත් මෙම ප්‍රහාරයෙන් මියගිය හෝ තුවාල ලැබූ සියල්ලන් වෙත ශ්‍රී ලංකා රජය වෙනුවෙන් තම ශෝකය සහ සංවේගය ප්‍රකාශ කරන බවත්ය.

නැගෙනහිර කලාපිය ශ්‍රී ලංකා සංස්කෘතික සංසදය මගින් සංවිදානය කරන ලද මෙම ශෝක ප්‍රකාශ කිරීමේ අවස්ථාව වෙනුවෙන් එහි සභාපති ප්‍රසන්න අසෙල්ල මහතාද අදහස් ප්‍රකාශ කල අතර නැගෙනහිර කලාපිය (තානාපති සම්බන්දතා සුභසාදන) චාලි තලයරත්න, සංසදයේ ලේකම් යසන්ත පිරිස් ඇතුළු සාමාජිකයින් කිහිප දෙනෙක්ම සහභාගී විය.

ඉන් අනතුරුව සුපුරුදු පරිදි තානාපති කාර්යාලිය වැඩ කටයුතු ආරම්භ විය.

ලලිත් ප්‍රේමලාල්
අල් කොබාර් සිට

RECOMMEND POSTS