ජේ.ඩී. මහේෂ් ශ්‍රී ලංකා අභිමානය සුරකී



Spark XI ක්‍රීඩා සමාජය විසින් ප්‍රථම වරට සංවිධානය කළ United Asian Cup 2019 තරඟාවලියේ සමාරම්භය සනිටුහන් කරමින් ඉන්දියාව පරදවා කඩුළු 6ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට එක්සත් එමීර් රාජ්‍යයේ සිය වෘත්තීයන්හී නියතු Sri Lankan Lions කණ්ඩායම සමත් විය. 

 
එක්සත් එමීර් රාජ්‍යයේ අබුඩාබි කේන්ද්‍ර කරගනිමින් ශ්‍රීලංකාව, ඉංදියාව, පකිස්ථානය සහ බංගලාදේශය නියෝජනය කරමින් විදෙස් සේවයේ නියතු ක්‍රීකට් ක්‍රීඩකයින් සිය මව්බිමේ අභිමානය වෙනුවෙන් ආසියානු කුසලානය සඳහා සුඳුසුකම් ලබා ඇත.
 
ඊයේ ප.ව. 8.00 අබුඩාබි Ultimate Sports Academy ක්‍රීඩා පිටියේ පැවති තරඟයේ කාසියේ වාසිය දිනා ගත් ඉංදීය කණ්ඩායමේ නායක Ashok Kumar පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදී.
 
පිළිවෙලින් මුළු ලකුණු 07ක් සහ 37ක් වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ Suneth Sampath  සහ  Aslam Ghous ප්‍රමුඛ වේග පන්දු බළඇණිය විසින් ඉංදීය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙපළ නැවත ක්‍රීඩාගාරයට යැවීමට සමත් වූවද, නායක Ashok Kumar සහ Laxman Sreekumar එක්ව 3වන කඩුල්ල සඳහා ලකුණු 86ක සබඳතාවයක් ගොඩනගන ලදී.
 
පන්ඳුවාර 10ක් අවසානයේදී කඩුළු 2කට ලකුණු 123 ලබා ප්‍රභල අදියරක සිටි ඉංදීය කණ්ඩායමේ සියළු බලාපොරොත්තු සුණුවිසුණු කරමින් එතෙක් වේගවත් ඉණිමක් ක්‍රියාත්මක කරමින් සිටි ඉංදීය නායකයා පිටියෙන් ඉවත් කරමින් තරගයේ වැඩි ගෞරව හිමිකරගෙන සිටි ඉංදීය කණ්ඩායමට නැවත පීඩනයක් එල්ල කිරීමට 11වන පන්දුවාරය ක්‍රියාත්මක කළ පා දඟ පන්දු යවන Jude Suranga සමත් වූ අතර එතැන් පටන් කඩුළු දඩයමේ නිරත වූ Jude Suranga තරඟාවලියේ පළමු කඩුළු ත්‍රිත්වය වාර්තා කිරීමට සමත් විය.
 
හුදකලා සටනක නිරත වෙමින් සිය කඩුල්ල ආරක්ෂා කර ගනිමින් පන්ඳු 50ක් තුළ හයේ පහර 3ක් සහ හතරේ පහරවල් 9ක් සමඟින් ලකුණු 89ක් ලබා ගැනීමට ඉංදීය කණ්ඩායමේ අංක 3 පිතිකරු Laxman Sreekumar සමත් විය.
 
පන්ඳු වාර 20 අවසානයේ ලකුණු 203ක් සිය ලකුණු පුවරුවේ සටහන් කිරීමට සමත් වූ ඉංදීය කණ්ඩායමේ අභියෝහය භාර ගනීමට ශ්‍රීලංකා ආරම්භක පිතිකරුවන් යුවළ ලෙස Chathura Deshapriya සහ Pragash Ram ඉණිම ආරම්භ කළ අතර කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව Chathura Deshapriya පිටියෙන් ඉවත් වන විට පන්දුවාර 2.4කදී ලකුණු 24ක් ලෙස ශ්‍රීලංකා ලකුණු පුවරුවේ සටහන් වී තිබිණ.
 
පිතිකරුවන්ගේ පාරාදීසයක් බඳු Ultimate Sports Academy තනතිල්ල පිළිබඳව නැවතත් මනාව තහවුරු කරමින් සිය අණසක විහිදුවාලමින් පිටිය පුරාවට දරුණු ප්‍රහාරයක් දියත් කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක JD Mahesh සහ Pragash Ram පන්දු වාර 9ක් තුළ ලකුණු 103ක සබඳතාවක් පැවත් වීමට සමත් විය.
 
12වන පන්ඳු වාරයේ පන්ඳු 32ක් තුළ හයේ පහර 3ක් සහ හතරේ පහර 5ක් සමඟින් ලකුණු 55ක් ලබා සිටි Pragash Ram හරවා යැවීමට ඉංදීය කණ්ඩායම සමත් වූවද, ශ්‍රී ලංකා පිතිකරුවන් ගෙන් ඉංදීය පන්ඳු යවන්නන් හට කිසිඳු සහනයක් නොලැබිණ,
 
නායකත්වයේ ඉණිමක සහ ශ්‍රීලාංකීය අභිමානයේ වඟකීම සිය කර මත තබාගෙන සිය පිත්ත  ක්‍රියාත්මක කරමින් ජයග්‍රහණයේ නියමුවා වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක JD Mahesh රැස්ව සිටි සියළු ප්‍රේක්ෂකයින් අමන්දානන්දයට පත් කරමින් පන්දු 56ක් තුළ නොදැවී ලකුණු 106ක් වාර්තා කිරීමට සමත් විය.ඒ සඳහා හයේ පහර 6ක් සහ හතරේ පහර 10ක් අන්තර්ගත වී තිබුණු අතර ඊට අනගි සහයක් දෙමින්  Dylan Gorge පන්දු 12ක් තුළ වේගවත් ලකුණු 32ක් ලබා ගන්නා ලදී.
 
මනරම් Cover Drive පහරකින් සුදු පැහැති පන්දුව හතරේ සීමාව කරා යොමු කරමින් පන්දුවාර 18.5 තුළ සිය ජයග්‍රාහී ඉලක්කය සමඟ තම ශතක මල්ලට තවත් ශතකයක්  එක්  කර ගත්  JD Mahesh  තරඟයේ වීරයා ලෙස පිඳුම් ලැබීය.
 
" අපි තරඟය අදියර කීපයක් යටතේ සැළස්සුම් කළා. මම හිතන්නේ අපේ සැළසුම් සාර්ථක වුණා.අපි වෙන වෙනම මෙහේ ක්‍රිකට් ගැහුවට අද අපි එකතු වෙලා රටේ අනන්‍යතාවය එක්ක සෙල්ලම් කරනවා. ඒක අපේ මානසිකත්වය ගොඩක් ඉහළින් තබා ගන්න ඉවහල් වුණා. උඩ පන්ඳු කිහිපයක් ගිලිහී ගියා. තරඟයකදී වැරදි නැති කරගන්න බැහැ. හැබැයි අවම කර ගන්න පුළුවන්. තවත් සැළසුමක් එක්ක පකිස්ථාන තරඟය සඳහා අපි සූදානම් විය යුතුයි.මම මගේ සංචිතය පිළිබඳව හුගාක් තෘප්තිමත්."  යැයි නායක JD Mahesh තරඟය අවසානයේදී පැවසීය.
 
මීළඟ තරඟය පකිස්ථානය සමඟ එළඹෙන 14වන බ්‍රහස්පතින්දා පැවැත්වෙන අතර දරුණු ක්‍රිකට් ජයග්‍රාහී පිපාසයකට ලක්ව සිටින ශ්‍රීලාංකීය ක්‍රිකට් ලෝලීන් හට අස්වැසිල්ලක් වන්නට හැකි වේවායි අපි ප්‍රාර්ථනා කරන අතර මෙම  තරඟාවලිය එක්සත් එමීර් රාජ්‍යයේ විදෙස් සේවයේ නියුතු ක්‍රිකට් ක්‍රීඩකයින් ගෙන් සැඳුම් ලත් Sri Lankan Lions කණ්ඩායමට අපි උණුසුම් සුභ පැතුම් එක් කරන්නෙමු.
 
United Indians - 203/9 (20.0 Overs)
 
Laxman Sreekumar 89, Ashok Kumar 33, Mithun Sudhakar 23
 
Jude Suranga 28/4, Suneth Sampath 37/2, Aslam Ghouse 43/2
 
Sri Lankan Lions - 207/4 (18.5 Overs)
 
JD Mahesh 106*, Pragash Ram 55, Dylan George 32
 
Gopakumar 14/1, Junaid Samsu 41/1, Muhammed Musheer 50/1
 
Sri Lankan Lions Won By 6 wickets.
 
Mohamed Hifaz Jiffry
Mob. 00971 56 980 7079
"Love is Unconditional & Limitless"

RECOMMEND POSTS