ඉරාන විප්ලවයට වසර 40 යි



1979 වසරේ සිදුවුණු ඉරාන විප්ලවයට 40 වසරක් පිරීම නිමිත්තෙන් ඉරානය පුරා සැමරුම් උත්සව, හමුදා පෙළපාළි ජන රැළි පැවැත්වෙන අතර මිලියන ගණනක් ඉරාන වැසියෝ ඊට එක් වී සිටිති.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රමුඛ රජයේ නව සම්බාධක හමුවේ ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින ඉරානය පවසා ඇත්තේ තම් තවමත් ශක්තිමත්ව නැගී සිටින්නේ ඉස්ලාමීය මූලධර්ම හේතුවෙන් බවය.

ප්‍රධාන සැමැරුම් උළෙල පැවැත්වූයේ තෙහෙරාන් අගනුවරය. එම සැමරුම වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර තිබුණු බව පැවැසෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS