ආසියානු සංස්කෘතික සංදර්ශනය හා උත්සවය



ආසියානු රටවල් 11 කින් පැමිණ ලෙබනනයේ රාජ්‍යතාන්ත්‍රික සේවයේ නිරත රාජ්‍යතාන්ත්‍රිකයින්ගේ සහභාගීත්වයෙන් පැවති ආසියානු සංස්කෘතික සංදර්ශනය හා උත්සවය ඉකුත්දා බීරූට් හී ලෙබනන් විශ්ව විද්‍යාලයේදී පැවැත්විණි.

ලෙබනන් විශ්ව විද්‍යාප පරිශ්‍රයේ පැවති මෙම සංස්කෘතික ප්‍රදර්ශනය සදහා ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයද සහභාගී වූ බව එම තානාපති කාර්යාලය කියා සිටී. එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සංචාරක පින්තූර , බතික් නිර්මාණ , අත්කම් නිෂ්පාදන , සිලෝන් ටී ඇතලු  ආහාර පාන ඇතුළත් වෙළද කුටියක් එයට ඇතුළත්ව තිබිණි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අමතරව බීරූට් හි තිබෙන ඕස්ට්‍රේලියාව , බංග්ලාදේශය , චීනය , ඉන්දියාව , ඉන්දුනීසියාව , ජපානය , කොරියාව , මැලේසියාව , පකිස්ථානය , පිලිපීනය යන රටවල දූත මණ්ඩල ප්‍රධානීන් සහ කාර්යාල මණ්ඩල නියෝජිතයින් ඇතුලු 1000 කට අධික නරඹන්නන් පිරිසක් ද එක්වූහ.

ආසියානු රටවල ආහාර පාන , සංස්කෘතිය හා උරුමය පිළිබද එරට වෙසෙන තරුණ ප්‍රජාව , සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීම උදෙසා ප්‍රථම වරට පැවැත්වූ මෙම ප්‍රදර්ශනයේදී එම රටවල් විසින් තමන්ට අවේනික වූ දැ මෙහිදී ප්‍රදර්ශනය කෙරිණි.තවද ලෙබනනයට අවේනික ආහාර පාන ඇතුලත් ප්‍රදර්ශක කුටියක් මෙහිදී ඉදිරිපත් කෙරිණි.


RECOMMEND POSTS