‘අපි අපිම’ ප්‍රජා සත්කාර වැඩසටහනේ තුන්වන අදියර



අකුරක් ඉගෙන ගැනීමට වෙර දරන අපේම දරුවන්ගේ හෙට දවස නංවාලීමේ අරමුණින් ගොඩනගන ලද ‘අපි අපිම’ ප්‍රජා සත්කාර වැඩසටහනේ තුන්වන අදියර සඳහා මෙවර තෝරාගෙන ඇත්තේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය කොට්ඨාසයේ ගුරුගොඩැල්ල ප්‍රාථමික විදුහලයි. 

අඩු ආදායම්ලාභී දරුවන් 85 ක් දැනට මෙම පාසලේ ඉගෙනුම ලබන අතර මේ වනවිටත් විද්‍යාලයට පාසල් නිල ලාංඡනයක්, පාසල් ගීතයක් හෝ නොමැති ඉතා දුෂ්කර පාසලක් වේ.

එම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නංවාලීමට ‘අපි අපිම’ කණ්ඩායම ඔක්තෝබර් 15ට පෙර ඔබේ සහයෝගය පතයි.

විමසීම් සුජිත් 0778259468

2016 වසරේ කැබැතිගොල්ලාව කණුගහවැව ප්‍රාථමික විදුහලට ‘අපි අපිම’ කණ්ඩායම පරිත්‍යාග දුන් අයුරු ඡායාරූපවල දැක්වේ. 


RECOMMEND POSTS