හොංකොං වෙසක් අසිරි



ලොව්තුරු අමා මෑණි බුදු පියාණන් වහන්සේගේ තෙමඟුල සැමරීම, ශ්‍රී බුද්ධ වර්ෂ දෙදහස් පන්සිය හැට තුන්වන වෙසක් මස 18 වැනි ශනි දිනට යෙදී තිබුණි.

පින්බර වෙසක් මස පුර පසලොස්වක සඳෙහි සිසිලසෙන් නැහැවෙමින් මාතෘභූමිය සිසාරා සිල් සුවඳ පැතිර යද්දී, ශාස්ත්‍රපති සුමිත්ත ස්වාමීන් වහන්සේගේ අනුශාසනය සහ මඟ පෙන්වීමෙන් හොංකොං හි ශ්‍රී ලාංකික බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය තෙවන වරට සංවිධානය කරන්නට යෙදුණු වෙසක් පිංකම් මාලාව පෝ ලියුන් කොක් ලාම් මාන් චැන් ඉංග්‍රීසි ප්‍රාථමික පාසල් පරිශ්‍රයේදී දවස පුරා පැවැත්විණි.


RECOMMEND POSTS