සෞදි ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලයේ රියදුරු හදිසියේ මියයයි



සෞදි අරාබියේ රියාද් තානාපති කාර්‍යාලයේ තානාපති අස්මි තාසිම් මැතිතුමාගේ රියදුරු වශයෙන් සේවය කල අතුල සෙනරත් බන්ඩාර (47) මහතා 29 දින සවස දෙකයි තිහට පමන හටගත් හර්ධයාබාධයකින් රෝහල් ගතකිරිමෙන් අනතුරුව අභාවප්‍රාප්ත වූ බව රියාද් තානාපති කාර්‍යාලයේ උසස් නිලදාරියෙක් පැවසීය.

අංක 66/3 මැදපිටිය දොලුව ගම්පොල ලිපිනයෙ පදින්චිව සිට මීට වසරකට පෙර රියාද් තානාපති කාර්‍යාලයේ තානාපති තුමාගේ රියදුරු වශයෙන් පැමිණි අතුල සෙනරත් බන්ඩාර මහතා දෙදරු පියෙකි.

තම රාජකාරිය අකුරට ඉටු කරමින් කාගෙත් සිත් දිනාගත් අතුල මහතා තානාපති කාර්‍යාලයේ ජනප්‍රිය චරිතයක් සේම නිහතමානී අවන්ක පුත්ගලයෙක් බව තානාපති නිලදාරින් ශෝකාකූලව පවසයි.

මේ වන විට අතුල සෙනරත් බන්ඩාර මහතාගේ මෘතදේහය රියාද් අල් අහමද් පෞද්ගලික රෝහලේ තැන්පත් කර ඇති  බවත් නීතිමය කටයුතු නිමා කල ඉක්මනින් මෘතදේහය ශ්‍රි ලංකාවට පිටත් කිරීමට කටයුතු කරන බවත් තානාපති කාර්‍යස්ලයේ එම නිලදාරියා පැවැසීය . මෙම අවාසනාවන්ත සිදුවීම පිලිබදව සෞදි අරාබියේ සියලුම ශ්‍රි ලාන්කිකගේ බලවත් ශෝකය පවුලේ සැමට ප්‍රකාශ කර සිටිමු.

ලලිත් ප්‍රේමලාල් 

සෞදි අරාබිය 

29.06.2019.


RECOMMEND POSTS