සෞදි ලාංකික බැංකු නිලධාරින් දෙදෙනෙක් ඔබ වෙනුවෙන්



සෞදි අරාබියේ වෙසෙන ශ්‍රී ලාංකික සහෝදර ජනතාව වෙනුවෙන් කවදත් අතහිත දෙන ශ්‍රී ලාංකික බැංකු නිලධාරින් දෙදෙනෙකු ඔබට සහය ලබා දීමට ඉදිරිපත් වේ

 සෞදි අරාබියේ වෙසෙන බොහෝ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් තම මහන්සියෙන් උපයන මුදල් මවු රටට යැවීමේදී විවිද ප්‍රශ්න සහ ගැටළු වලට මුහුණ දීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇති මෙවන් යුගයක බැංකු කටයුතු පිලිබදව දීර්ග සහ හසල දැනුමක් ඇති ශ්‍රී ලාංකික බැංකු නිලධාරින් දෙදෙනෙකු අප වෙනුවෙන් ඉදිරිපත්වීම අප මහත් පැසසුමට ලක් කල යුතුය.

සෞදි අරාබියේ නැගෙනහිර කලාපයේ අල් රාජි (tahweel al Rajhi) බැංකු සමුහයේ සේවය කරන එකම ශ්‍රී ලාංකික බැංකු නිලධාරින්  දෙදෙනා වන එම් නවරත්නම් සහ මොහොමද් ඉක්බාල් යන අය පවසන්නේ සෞදි අරාබියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන බැංකු ගනුදෙනු හෝ මවුබිමට මුදල් යැවීමේදී ඇතිවන ගැටළු පිලිබදව උපදෙස්  සහ සේවා සැපයීමට නිරන්තරයෙන්ම සුදානම් බව ඔවුන් පවසයි.

විශේෂයෙන්ම  අල් රාජි බැංකුව හරහා ඔබගේ මුදල්  මවුබිමට  යැවීමේදී  ශ්‍රී ලංකාවේ ඕනෑම බැංකුවක් හරහා  තත්පර ගණනක් ඇතුලත තම ඥාතින් හෝ ගනුදෙනු කරුවන් වෙත මුදල් ලබාගැනීමේ පහසුකම් සලසා ඇති බවද එම එම නිලධාරීන්  පවසයි.

ලලිත් ප්‍රේමලාල්
දමාම් සිට

RECOMMEND POSTS