සෞදි නැගෙනහිර ජංගම සේවය අප්‍රේල් 3 නැහැ



සෞදි අරාබිය ඇතුළු ලෝකයේ අනිකුත් රටවලට බලපෑ ඇති චොවිඩ් 19 කොරෝන වයිරසය මගින් ඇතිවී ඇති වාතාවරණය හේතු  කොට ගෙන රියාද් තානාපති කාර්යාලය මගින් පවත්වන නැගෙනහිර කලාපිය ( දමාම්,කොබාර් ) තානාපති ජංගම සේවය ලබන අප්‍රේල් 3 වැනි  දින නොපැවැත්වෙන බව රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු උපදේශක මාදව දේශප්‍රිය මහතා පවසයි.

සැම මසකම පළමු සිකුරාදා පැවැත්වෙන නැගෙනහිර කලාපිය තානාපති ජංගම සේවාව මෙවර නොපවත්වුවද  ඉදිරියේදී ඇතිවන වෙනස්කම් අනුව ජංගම සේවය පැවැත්වීමට කටයුතු කරන බවද ඒ මහතා පවසයි.

මේ අතර රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරනුයේ විදේශ සබදතා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ඒජන්සිය එක්ව ගොඩනගා ඇති http;//www.contactsrilanka .mfa.gov.lk/ වෙත පිවිස එහි ලියාපදිංචි වන ලෙසත් ඒ පිලිබදව වැඩි විස්තර දැන ගැනීම සදහා තානාපති කාර්යාලයේ වෙබ් අඩවිය වන http;//slemb.org.sa/ විපිසෙන ලෙසත්ය.

“STAY HOME”

ලලිත් ප්‍රේමලාල්

සෞදි අරාබිය.


RECOMMEND POSTS