සෞදි දමාම් අල් බිබී වැටුප් ප්‍රශ්නය විසදා දෙන්න



සෞදි අරාබියේ දමාම් නගරයේ “අල් බිබී” නම් වූ වෙළද දැන්වීම් ප්‍රචාරණ ආයතනය මගින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් වෙත කරන අසාධාරණයක් පිලිබදව අවධානය යොමු කරන ලෙස රජයෙන් ඉල්ලයි.

මෙම ආයතනයේ වසර 15 කට අධික කාලයක් ශ්‍රී ලාංකිකයින් කිහිප දෙනෙකු විවිද අංශයන්හි රැකියාව කරන අතර මෙම ආයතනය මගින් වෙළද ප්‍රචාරණ දැන්වීම් ආදිය සැපයුම් හා සවිකිරීම් කරනු ලබයි.දැන්වීම් යන්ත්‍ර කාර්මික (ඔපරේටර්) ආයතන ලේකම්,යාන්ත්‍රික චිත්‍ර ඇදීම කරනුයී ශ්‍රී ලාංකිකයින් වන අප විසිනුයි.

මෙම ආයතනය විසින් වසර තුනක පමණ කාලයක සිට නියමිත වේතන ගෙවීම පැහැර ඇති අතර මාස කිහිපයකට එක වරක් එකවැටුපක් පමණක් ලබාදීමඅහමු ලෙස සිදු කරයි.මේ වන විට අපගේ හිග වැටුප් වසර දෙකේ සිට තුන දක්වා කාලයක ලබා ගැනීමට ඇත.තවද සෞදි අරාබියේ රැදී සිටීමේ බලපත්ද කාලය ඉක්ම ගොස් ඇති මුත් දීර්ග කිරීමක් සිදු නොවීම හේතුවෙන් අප ඉතාමත්ම අසරණ භාවයට පත්ව ඇත,

කෙසේ වුවද දැනට වසර දෙකකට පෙර සිට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාන්ශයේ CN/123/1710 යටතේ පැමිණිලි කර කිහිප වරක් කාර්යාන්ශයේ කැදවීම් සදහා ගියද මෙතෙක් කිසිදු ප්‍රතිපලයක් නොමැති වීම කනගාටුවට කරුණකි.

රියාද් පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයටද කිහිප වරක් පැමිනිලි කර ඇති මුත් තානාපති කාර්යාලයී නිලධාරින් දෙදෙනෙකු පැමිණ ආයතන ප්‍රදානින් හමුවී සුහදව කතා කර ගිග පටුප් ඉදිරි කාලයේදී ලැබෙන බව පවසා නික්ම ගිය නමුත් මේ වනතෙක් කිසිදු වැටුපක් හෝ කිසිදු ප්‍රතිලාබයක් අප වෙත ලැබී නැත

අද දින අපේ මුදලින් හෝ ලංකාවේ හදිසි කරදරයක් සිදු වුනි නම් ගුවන් ටිකට් පත හෝ ආයතනය විසින් ලබා දීමට මුදල් නොමැති බව පාලන අධිකාරිය පවසයි. මේ වන විටත් අප ශ්‍රී ලාංකිකයින් කිහිප දෙනාගේ පවුලේ ආර්ථික ප්‍රශ්න ඉහ වහා ගොස් ඇති අතරම අවම වශයෙන් රුපියල් දහසක් හෝ මවු බිමට යැවීමට හැකියාවක් නොමැති බව කියනුයේ කනගාටුවෙනි

වැටුප් හැරුන විට  වුවද සමහර සේවකයින් හට  අඩුම වශයෙන් ආයතනයෙන් ප්‍රතිලාබ (බෙනිෆිට්) සෞදි රියාල් ලක්ෂය ඉක්මවා ගොස් ඇත ශ්‍රී ලංකාවේ වෙදේශ විනිමයට එක්වන මෙම අති විශාල මුදල් ප්‍රමානය කෙදිනක අප වෙත ලැබේද යන්න සැක සහිතය.

මේ පිලිබදව වහාම සොයා බලා හිග වැටුප් සහ දීමනා ලබා ගැනීමට රජයේ සෘජු මැදිහත් වීමක් අවශ්‍ය බව අවදාරණය කරමු.                                        

රන්ජිත් මහදුර
ලුර්තසෙන ෂන්මුගන්
ඩි කේ ඩබ්ලියු බණ්ඩා
 
ලලිත් ප්‍රේමලාල්
දමාම් සිට...  

RECOMMEND POSTS