සෞදි ඒ.එන්.බී. - ශ්‍රී ලංකා එන්.එස්.බී.බැංකු සම්බන්දතා



සෞදි අරාබියේ  අරබ් නැෂනල්  බැංකුවට   අනුබද්ධිත ටෙලිමනි ආයතනය සහ ශ්‍රී ලංකාවේ ක්‍රිර්තිමත් රාජ්‍ය බැංකුවක් වන ජාතික ඉතිරි කිරීමේ බැංකුව සමඟ පසුගිය සතියේ  සම්බන්දතා ගිවිසුමකට අත්සන් තබන ලදී .

වසර දහයක පමන කාලයක් තිස්සේ කරන ලද සාකච්ඡා වල ප්‍රතිඵලයක් ලෙස එළඹි  මෙම සම්බන්දතා ගිවිසුමට  ශ්‍රී ලන්කාවේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව  NSB වෙනුවෙන් එහි ප්‍රධාන කලමනාකාර දම්මික පෙරේරා මහතාත් සෞදි අරාබියේ අරබ් නශනල් ANB බැංකුව ට අනුබද්ධිත ටෙලිමනි ආයතනයේ සෞදි අරාබියේ  ශ්‍රී ලංකා  කලමනාකාර මොහොමඩ් උවයිස් මහතාත් අත්සන් තබන ලදී ..මෙම සම්බන්දතා ගිවිසුම සනිටුහන් කිරිම උදෙසා පසුගිය සිකුරාදා සන්ද්‍ය භාගයේදී සෞදි අරාබියේ අල් කොබාර් ලි මරිඩියම් le meridiam හෝටලයේ  විශේෂ බෝජන සන්ග්‍රහයක්  සමඟ පැවති  උත්සවයකදී අනාවරණය කරන ලදි.

විශේශයෙන්ම සෞදි අරාබියේ වෙසෙන ශ්‍රි ලාන්කිකයින් උපයන මුදල් ආරක්ෂා කාරීව සහ ක්ශනිකව ටෙලිමනි ආයතනය හරහා ජාතික ඉතිරිකිරීමේ බැංකුව වෙත අන්තර් ජාලයේ අදි තාක්ෂණික ක්‍රම වේදයන් මගින් යැවීම සදහා සකස් කර ඇති අතර අනේවාසික විදේශීය ඉතුරුම් ගිනුම්,සහ අනෙකුත් විශේෂ වරප්‍රසාද මෙන්ම විදෙශිය මුදල් ඉතුරුම් සදහා නිවාස නය  සහ අනෙකුත් වාරික නය ක්‍රම  මගින් තම පාරිභෝගිකයන් වෙත සලසීමට කටයුතු යොදා ඇති  බව ජාතික ඉතිරිකිරීමේ NSB බැංකුවේ කළමනාකාර දම්මික පෙරේරා  මහතා මෙම සමරු උත්සවයේදී පැවසීය.

ටෙලිමනි ආයතනය හරහා මුදල් යැවීමෙන් ලැබෙන ප්‍රතිලාභ පිලිබඳව සදහන් කරම්න් උත්සව සභාව ඇමතූ ටෙලිමනි ආයතනයේ සෞදි ශ්‍රි ලංකා කළමනාකරු මොහොමඩ් උවයිස් මහතා පැවසුවේ ඔබගේ මුදල් ටෙලිමනි හරහා ජාතික ඉතිරිකිරීමේ බැංකුව යැවීමේදී ඒ පිළිබඳව උපදෙස් සහ තොරතුරු ලබාදීමට ඕනෑම මොහොතක තමන් ඇතුළු කාර්ය මණ්ඩලය සුදානමින් සිටින බවයි .

මෙම සැමරුම් උත්සවයේ විශේෂ දේශකයෙක් ලෙස අරබ් නැෂනල් බැංකුවේ telemony ව්‍යාපාර සංවර්ධන  කලමනාකාර සහාෆී අල් ඩෆයිල් මහතාද  උත්සව සභාව ඇමැතූහ.

සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නියෝජනය කරමින් ප්‍රධාන නිලධාරී දුමින්ද මහතාද සම්බන්දතා නිලධාරී විජේවීර මහතාද තෙවැනි ලේකම් සනීටා මහත්මියද  නැගෙනහිර කලාපීය සුභසාධනය නිලධාරි චාලි තලයරත්න මහතාද සහභාගි විය .

මෙම සම්බන්දතා ගිවිසුම ප්‍රකාරව උත්සව සංවිධාන කටයුතු නැගෙනහිර කලාපීය ශ්‍රී ලංකා සංස්කෘතික සංසදය මඟින් සංවිධානය කර තිබූ අතර එම සන්සදයේ සභාපති ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගි වී සිටියහ.

මොහොමඩ් උවයිස් 0553059691 සහ ඒ සයන්තන් 0509962598 අමතන මෙන් දන්වා සිටී.

ලලිත් ප්‍රේමලාල්
සෞදි අරාබියේ  සිට


RECOMMEND POSTS