සංස්කෘතික උත්සවයෙන් ලංකාවට දෙවන තැන



සෞදි අරාබියේ මදීනා විශ්වවිද්‍යාලය මගින් හයවෙනි වරටත් ඉදිරිපත් කරන ලද සංස්කෘතික ප්‍රසංගයෙන් දෙවැනි ස්ථානය ලබා ගැනීමට ශ්‍රී ලාංකික සිසු දරුවන් විසින් ඉදිරිපත් කරන ලද සංස්කෘතික මණ්ඩපය සමත් වූ බව රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උසස් නිලධාරියෙක් පවසයි.මෙම ප්‍රසංගය පසුගිය අප්‍රේල් මස 29 දින සිට මැයි මස 4 වෙනි දින දක්වා පැවැත්විණ.

රටවල් හැත්තෑවකින් පමණ තම අනන්‍යතාවය ආවරණය කරමින් සහබාගිවු මෙම සංස්කෘතික සංදර්ශනය සදහා ශ්‍රී ලංකාවේ සංස්කෘතිකම මෙන්ම වෙළද, ව්‍යාපාර සහ සංචාරක ව්‍යාපාරය පිලිබදව හදුන්වා දුන් ශ්‍රී ලාංකික ශිෂ්‍ය  සංසදය මගින්ඉදිරිපත් කරන ලද මණ්ඩපය බොහෝ ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට හැකිවීම විශේෂත්වයකි,

මෙම ආකර්ශනීය වෙළද ප්‍රදර්ශනය නැරබීම සදහා රියාද් ශ්‍රී ලංකා තානාපති තැන්පත් අස්මි තාසිම් මහතාද සහබාගි වූ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් ශ්‍රී ලාංකික දරුවන්ගේ කැපවීම මත  ඉදිරිපත් කරන ලද සංස්කෘතික  මණ්ඩපය  පිලිබදව ඇගයීමකට ලක් කල අතර ඕනෑම සහයෝගයක් ලබා දීමටද පොරොන්දු විය.

මෙම ප්‍රදර්ශනයෙන් දෙවන ස්ථානය හිමි වීම වෙනුවෙන් නවීන පන්නයේ මෝටර් රථයක් ශ්‍රී ලාංකික දරු දැරියන් වෙනුවෙන් ත්‍යාග වශයෙන් හිමිවීමද විශේෂත්වයකි.

ලලිත් ප්‍රේමලාල්

සෞදි අරාබියේ සිට


RECOMMEND POSTS