ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් නිවේදනයක්



ලෝකය පුරා ඉතා සීග්‍රයෙන් වර්දනය වෙමින් පවතින කොවිඩ් 19 කොරෝනා වයිරසය පිලිබදව සෞදි අරාබියානු රජය විසින් ගනු ලබන ආරක්ෂක වැඩ පිළිවෙල යටතේ සෞදි නිල පුවත් ඒජන්සිය මගින් මාර්තු 12 වන නිකුත් කරන ලද නිවේදනයකට  අනුව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 45 ක් සදහා  ගුවන් ගමන් තාවකාලිකව  අත්හිටවා ඇත.

ඒ අනුවසෞදි වැසියන්,එහි වෙසෙන අනිකුත් ජාතිකයින් සංචාරය කිරීම සහ සෞදි අරාබිය වෙත ගමන් කරන  ගුවන් ගමන් තාවකාලිකව ඇත හිටවා ඇති අතර ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන්නන් හට මෙන්ම සෞදි අරාබියට ඇතුළුවීමට දින 14 පෙර ශ්‍රී ලංකාව වෙත ඇතුළුවූ අයවලුන් හටද සෞදි අරාබි රාජ්‍යට ඇතුළුවීම තාවකාලිකව අත්හිටුවා ඇති බව රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විශේෂ නිවේදනයක් මගින් දන්වා සිටියි.

කෙසේ වුවද මෙම රටවල දැනට සංචාරය කරන සෞදි පුරවැසියන් සහ වලංගු සෞදි නේවාසික විසා පතක් (ඉකාමා ) හිමි අනෙකුත් ජාතින් හට (ශ්‍රී ලාංකිකයින් ඇතුළුව ) නැවතත් සෞදි අරාබියට පැමිණීමට පය 72 කාලයක් ලබාදී ඇති බවද  මෙම තාවකාලික ගමන් සීමාව තවත් පය 72 කින් ක්‍රියාත්මක වන බවද  රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් නිකුත් කර ඇති එම නිවේදනයේ සදහන් කරයි.

ලලිත් ප්‍රේමලාල්
සෞදි අරාබියේ සිට.

RECOMMEND POSTS