රාමසාන් උපවාස මාසයේ ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉෆ්තාර් සත්කාර



මොනරාගල මොහොමඩ් අසිස් මවුලවි

සෞදි අරාබියේ රාමසාන් උපවාස කාලය පුරාම ශ්‍රී ලාංකික මුස්ලිම් බැතිමතුන් මෙන්ම ජාතින් වෙනුවෙන් විශේෂ ඉෆ්තාර් සංග්‍රහයන් පැවැත්වීමට දමාම් ඉස්ලාමින් සංස්කෘතික මධ්‍යස්ථානයේ අනුග්‍රය යටතේ ශ්‍රී ලාංකික  සහ තමිල්නාඩු කාර්ය මණ්ඩලය කටයුතු කර තිබිණ.

දහසකට අධික බැතිමතුන් සහ අනෙකුත් ජාතින් වෙනුවෙන් මාසහක් පුරාවට පවත්වන  මෙම ඉෆ්තාර් බෝජන සංග්‍රය වෙනුවෙන් සෞදි අරාබියේ වෙසෙන ව්‍යාපාරික ප්‍රජාව මෙන්ම අනෙකුත් දානපතීන්ගේ දායකත්වය ලැබෙන බව ශ්‍රී ලාංකික මවුලවී තුමෙකු වන මොනරාගල අබ්දුල් අසිඉස් මොහොමඩ් මහතා සදහන් කරයි.දිනපතා සන්ධ්‍ය සලා හෝරාවෙන්  ඇරබෙන මෙම ඉෆ්තාර් බෝජන සංග්‍රහයේ ප්‍රධාන ධර්ම දේශකයෙකු  ලෙස කටයුතු කරන අබ්දුල් අසිස් මහතා පැමිණ සිටි ඉන්දියානු(දමිල ) සහ ශ්‍රී ලාංකික ප්‍රජාව අමතමින් සදහන් කලේ අලුයම සලාතයෙන් ඇරබෙන උපවාස කාලය  සන්ද්‍යා භාගය සමග අවසන් සලා හෝරාව දක්වා ඉතා සන්වමයෙන් මෙන්ම බක්තියෙන් තම ශිලය රැකගත යුතු බවත් සමානාත්මතාවය සහ සහෝදරත්වය සනිටුහන් කර ගනිමින් ආදර්ශමත් දිවියක් ගත කිරීමට අදිෂ්ටාන කර ගත යුතු බවත්ය.

ඉෆ්තාර් බෝජන සංග්‍රහය පිළිගැනීමට සුදානමින්

විශේෂයෙන්ම පසුගියදා ශ්‍රී ලංකාවේ හටගත් අන්තවාදී සහ ත්‍රස්ත ක්‍රියා පිලිබදව පෞද්ගලිකව තම අදහස් ප්‍රකාශ කරමින් සදහන් කලේ ශ්‍රී ලාංකිකයින් වන අප වසර දහසකට අධික කාලයක් තිස්සේ පැවති සහෝදරත්වය විනාශ කිරීමට සුළුතර අන්තවාදීකොටසක් ක්‍රියා කලද ඉස්ලාම් භක්තිකයින් වන අප එවැනි අන්තවාදී ක්‍රියා තරයේ හෙලා දකින බවත් එවැනි අන්තවාදී සහ ත්‍රස්තවාදී ක්‍රියාවන පිලිබදව ඉස්ලාම් දහමෙහි කිසිදු තැනක් කිසිදු සදහනක් හෝ ඉගැන්වීමක් නොමැති බවත් සම ආගමක් හෝ ජාතියක් එක හ සමාන ලෙස සැලකීම ඉස්ලාම් දහමේ ප්‍රතිපත්තිය බවත්ය “ඉස්ලාම්” යන වචනයෙහි තේරුම සාමය සහ සමාදානය වන අතරම “අස්සලාමු අලෙයිකුම්” යන්නෙහි තේරුම වන්නේද ඔබට සාමය සහ අමාදානය ඇති වේවායි යන්න බවද මොනරාගල මවුලවි මොහොමඩ් අබ්දුල් අසිස් මහතා පැවසිය.

පැමිණ සිටි ශ්‍රී ලාංකික සහ තමිල් නාඩු ජනතාව

විශේෂයෙන්ම ඉස්ලාම් බක්තිකයින්  “සකාත්” යනුවෙන් හදුන්වන(දුප්පතුන් සදහාආධාර ලබා දෙන)  අරමුදල් සදහා තම ආදායමෙන් හැකි පමණින් උපකාර කිරීම ඉස්ලාම් දහමේ  ප්‍රධාන තේමාවක් බවද මවුලවි අසිස් මහතා සදහන් කරයි.

ලලිත් ප්‍රේමලාල් දමාම් සිට


RECOMMEND POSTS