බලපත් ගාස්තු ඉහල දැමීම අසාධාරණයි



මැදපෙරදිග රටවලට ගමන් බලපත් ගාස්තු නැවතත් ඉහල දැමීම බලවත් අසාධාරණයක්
ශ්‍රී ලංකා රජයේ අවධානය යොමු වේවායි සෞදියේ ශ්‍රී ලාංකිකයින් ඉල්ලයි.

මැදපෙරදිග රටවලට පමණක් වලංගු ගමන් බලපතක් සෞදි අරාබියේදී සෞදි රියාල් 190 කට නිකුත් කරමින් තිබියදී පසුගිය වසරේ අවසන් කාර්තුවේ සිට සියලුම රටවලට වලංගු වනපරිදි නිකුත් කරන ගමන් බලපතක් සදහා සෞදි රියාල් 565 ක් දක්වා ඉහල දැමීමෙන් විශාල ලෙස අපහසුතාවයකට පත් වෙමින් සිටින සෞදි ශ්‍රී ලාංකිකයෝ මෙම මස සිට (ජුලි)එම මුදල සෞදි රියාල් 595 දක්වාත් තාවකාලික ගමන් බලපතක් සදහා අය කෙරුණු රියාල් 190 මේ වනවිට රියාල් 205 දක්වාත් ඉහල දැමීම විශ්‍රාම වැටුපක් ඉක්මනින් ලබාදීමට පොරොන්දු වෙමින්  මෙතෙක් ඒ පිලිබදව කිසිදු තැකීමක් නොදැක්වූ රජය  ගමන් බලපත් ගාස්තු ඉහල දැමීම  රට විරුවන්ට කරන උපහාරයක් දැයි සෞදි ශ්‍රී ලාංකික ශ්‍රමිකයෝ ශ්‍රී ලංකා රජයෙන් ප්‍රශ්න කරයි.

විශේෂයෙන්ම සෞදි රියාල් දහසක් වැනි සුළු වැටුපකට රැකියාවන් කරන ගෘහ සේවිකාවන් ලෙස රැකියාවන් කරන අපේ කාන්තාවන් හට සියලුම රටවලට වලංගු බලපත් ලබා ගැනීමට තරම්  පිස්සුවක් නැතැයිද ගෘහ සේවිකාවන් ලෙස ලෙස මැදපෙරදිග රටවල පමණක් රැකියාව කරන අපට  යුරෝපිය රටවලට වලංගු බලපත් නිකුත් කරමින් රුපියල් 28.000 වැනි විශාල මුදලක් අයකිරීමට නියෝග දෙන්නේ කුමන තරාතිරමක අද බාලයින් දැයි සෞදියේ රටවිරුවන් තර්ක කරති.

විශේෂයෙන්ම වාර්ෂිකව කොටි ප්‍රකෝටි ගණන් විදේශ විනිමය තම මවු රටට යවමින් ජාතියට ඉමහත් සේවයක් කරන පාර්ලිමේන්තුවේ 225 දෙනෙකුට සුර සැප විදීමට අති සුකෝපභෝගී යාන වාහන සහ අනිකුත් සුඛ විහරණයන් සදහා මැදපෙරදිග බැල මෙහෙකම් කරන රට විරුවන් යයි පාරම් බාන අප වෙත ලබාදෙන සහන සේවා මේවා දැයි සෞදි රටවිරුවෝ තව දුරටත් පවසයි.

ඉන්දියාව සහ අනිකුත් රටවල් රියාල් 300 ක් වැනි මුදලකට සියලුම රටවල් සදහා වලංගු ගමන් බලපත් දින 5 ක් ඇතුලත සෞදි අරාබිය තුලදී නිකුත් කරන මුත් ලෝකෙන් උතුම් රට ශ්‍රී ලංකාව යයි කියා ගන්නා ශ්‍රී ලාංකිකයින් වන අප හට රුපියල් 28.000 ක් වැනි අති විශාල මුදලක් වැය කලද එම ගමන් බලපත සදහා දින 60 ක් හෝ ඊටත් වැඩි කාලයක් ගත වීමද ශ්‍රී ලාංකික තාක්ෂණයේ දියුණුව පිලිබදව අපට සිතා ගත හැක.

කෙසේ වුවද නැවත පත්වන ආණ්ඩුවකට මෙම ප්‍රශ්නය විසදීමට ඉඩ නොතබා රජය හෝ අදාළ බලදාරින් සෞදි අරාබියේ රැකියාවන් කරන ශ්‍රී ලාංකිකයින් සදහා මැදපෙරදිග රටවලට පමණක් වලංගු ගමන් බලපත් නිකුත් කර කලින් පැවති රියාල් 190 හෝ ඒ හා සමාන මුදලකට නිකුත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටින බවද සෞදි ශ්‍රී ලාංකිකයෝ පවසති.

ලලිත් ප්‍රේමලාල්.
සෞදි අරාබිය.

RECOMMEND POSTS