පොදු සමාව ජුනි 29 න් අවසන්



සෞදි අරාබියේ නීති විරෝදිව රැදී සිටින විදේශිකයින්ට පුරා මාස තුනක කාලයක්ලබාදී තිබු පොදු සමාකාලය මෙම මස (ජුනි)29 වෙනි දිනෙන් අවසන් බව සෞදි අරාබියානු රජය දන්වා සිටි.

මාර්තු මස 29 වෙනි දිනෙන් ආරම්භ  වූ මෙම පොදු සමා කාලය සෞදි රජය විසින් ලබාදී තිබුනේ නීති විරෝදීව  මෙරට රැදී සිටි සියලුම විදේශිකයින්ට කිසිදු දඩ මුදලකින් හෝ දඩුවමකින් තොරව තම මවු රටට යාම සදහා නිත්‍යානුකුල වැඩපිළිවෙලක් යටතේය.තම නේවාසික හැදුනුම් පත නොමැතිව,එසේත් නැත්නම් නේවාසික විසා කාලය ඉක්මවූ හෝ උම්රා වන්දනාවේ පැමිණ අස්ථාන ගතවී හෝ දේශ සිමා උල්ලංගනය කරමින් හෝ මෙරටට පැමිණ නීති විරෝධිව සෞදි අරාබියේ රැදී සිටින විවිද රටවල විදේශිකයින් හට මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන තම මවු රටට ගොස් නැවත නිත්‍යානුකුලව පැමිණීමේ අවස්ථාවද මෙම පොදු සමා ලාලයෙන් ලබාදී ඇති බව සෞදි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර තිබිණ.

මේ වනවිටත් සෞදි අරාබියේ අනවසරයෙන් රැදී සිටි බොහෝ විදේශිකයින් පොදු සමාකාලය උපයෝගී කර ගනිමින් තම මවු රටවල් බලා නික්ම ගොස් ඇති අතර මෙම ජුනි මස 29 දිනට පෙර සියලුම අනවසරිකයින් සෞදි අරාබියෙන් පිටවිය යුතු බව සෞදි රජය තරයේ ප්‍රකාශ කර සිටි.සෞදි අරාබියේ වෙසෙන සියලුම පුරවැසියන්ගේ ජංගම දුරකථන වෙත කෙටි පණිවිඩ නිකුත් කරන සෞදි රජය වැඩිදුරටත් ප්‍රකාශ කරනුයේ ජුනි 29 වෙනි දිනට ඔබ්බෙන් මෙහි රැදී සිටින නීති විරෝදී විදේශිකයින්,ඔවුන් හට නවාතැන් දෙන්නන්,ඔවුන් සගවා තබන්නන්,මෙන්ම ප්‍රවාහනය කරන්නන්  හටද  විශාල දඩ මුදලකට මෙන්ම දැඩි දඩුවම්ද ද ලබාදෙන බවයි.

කෙසේ වුවද පොදු සමා කාලය තුලදී සැලකිය යුතු  ශ්‍රී ලාංකිකයින් ප්‍රමාණයක් මවු බිමට යාම සදහා කටයුතු කර ඇති බවත් මේ වන විටත් දෙදහසකට නොවැඩි පිරිසක් තාවකාලික ගමන් බලපත් ලබාගෙන ඇති බවත් රියාද් තානාපති කාර්යාලය පවසයි.ඒ අතර රියාද් තානාපති කාර්යාලයේ කම්කරු නිලධාරි ඉන්දික තිලකරත්න මහතා ඉතා දැඩිව ඉල්ලා සිටිනුයේ නීති විරෝදිව සිටින සියලුම ශ්‍රී ලාංකිකයින් මෙම සහන කාලය තුලදී මවු බිමට යාම සදහා කටයුතු කරන ලෙසයි.

ලලිත් ප්‍රේමලාල්

සෞදි අරාබිය


RECOMMEND POSTS